උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික සීතල තත්වයන් දරාගත නොහැකිව අද (11) දින වන විට උතුරේ ගවයින් දහසකට අධික ප්‍රමාණයක් සහ එළුවන් 400 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි උතුරු පළාත් පශුසම්පත් නිශ්පාදන සෞඛ්‍ය අධ්‍යක්ෂක සී.වසීකරන් මහතා පැවසීය.
ගවයින් සහ එළුවන් විශාල ප්‍රමාණයක් එකවර මිය ගිය පළමු අවස්ථාව මෙය වන අතර මේ හේතුවෙන් හිමිකරුවන්ට රුපියල් කෝටි 50 කටත් අධික ආර්ථිකව පාඩුවක් සිදුව ඇතැයිද වාර්ථා වෙයි.
එමෙන්ම ගවයින් සහ එළුවන්ට අමතරව කුකුලන්, සුනඛයින් ආදි කුඩා සතුන්ද විශාල ප්‍රමාණයක් අධික සීතල හේතුවෙන් මිය ගොස් ඇති අතරම එලෙස මිය ගිය ප්‍රමාණයක් නිශ්චිතව මේ දක්වා වාර්තාවී නොමැති බවද උතුරු පළාත් ආපදා කළමනාකරණ කාර්යාල කියා සිටියි.
මේ අනුව අධික සීතල හේතුවෙන් වැඩිම ගවයින් ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහි ගවයින් 700 ක්ද එළුවන් 210 ක් , කිලනොච්චියේ ගවයින් 210ක් , එළුවන් 30ක්, යාපනයේ ගවයින් 110 ක් , එළුවන් 150 කගේ සිරුරු හමු වී ඇති අතරම තවද කැලෑ වැදුනු සතුන්ගේ සිරුරු හමුවෙමින් පවතින බවද ගවයින් සහ එළුවන් අයිතිකරුවන් පවසති.
පවතින සීත කාලගුණික තත්වය ඉදිරියටද පැවතියහොත් සතුන්ගේ මිය යාම තවත් වැඩිවිය හැකි බවටත් හැකි අයුරින් සතුන් උණුසුම් ස්ථානයන්හි රඳවා තබන ලෙසටද උතුරු පළාත් ආපදාකළමනාකරන ඒකකයන් විසින් ජනතාවට දැනුම් දී ඇත.
