තමන් අධ්‍යාපනය ලැබූ පාසැල් ඇතුළු පාසැල ඇතුළු තවත් පාසැල් 08 ක් සමඟ රාජ්‍ය ආයතන හා ව්‍යාපාරික ස්ථාන බිඳ රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් බව කියන 29 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය පොලීසිය විසින් පෙරේදා (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පෑලව නවෝද්‍යා විද්‍යාලයේ ආදි සිසුවෙකු බව කියන මෙම සැකකරු එම විදුහලද බිඳ රුපියල් 15000 ක මුදලක් සමඟ ලැප්ටොප් යන්ත්‍රයක් හා බ්ලෙන්ඩරයක් සොරාගෙන තිබෙන බව පොලීසිය කළ විමර්ශනවලදි තහවුරු වු බව පොලීසිය පවසයි.
මෙම සැකකරු කුඹල්වතුමුල්ල හෙක්ටර් කොබ්බෑකඩුව විදුහල, පිළිමතලාව ධීරානන්ද විදුහල, යහලතැන්න මුස්ලිම් විදුහල, ,මුරුතලාව ප්‍රාථමික විදුහල, කඩුගන්නාව කණිෂ්ඨ විදුහල ඇතුළු පාසැල් 08 ක් බිඳ එම පැසැල්වලට අයත් ලැප් ටොප් යන්ත්‍ර 03 ක් සමඟ මුදල් හා විදුලි උපකරණ සොරාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මත්කුඩු භාවිතය සඳහා ඇබ්බැහි වූ මෙම සැකකරු සොරාගත් භාණ්ඩ විකුණා ලබා ගත් මුදල් වලින් මත්කුඩු පානය කර තිබෙන බව හෙළිව ඇති අතර සැකකරු මුරුතලාව තැපැල් කාර්යාලය ඇතුළුව තවත් ස්ථාන 17 ක් බිඳ මුදල් හා භාණ්ඩ සොරාගෙන තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මුරුතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු සොරාගෙන තිබූ භාණ්ඩ වලින් කොටසක් පෑලියගොඩ ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබේ.

