ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණීම සඳහා නව දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට විෂයභාර අමාත්‍යාංශ එක්ව තීරණය කර තිබේ.
මේ පිළිබඳ සිදු කළ විමසීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය 'අද'ට පවසා සිටියේ කටුනායක ගුවන්තොටුපොළේ සිට එම දුම්රිය ස්ථානයට ඇති කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් සඳහා අදාළ මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සිදු කළ යුතුව ඇති බවයි.
ඒ අනුව ගුවන්තොටුපොළ සහ වරාය ආශ්රිත සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘතිවලට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.