කළුතර මහ රෝහලේ වකුගඩු රෝගී අංශයේ 100 වැනි ශල්‍යකර්මය ලෙසින් වකුගඩු දෙකෙහිම ඇති ගල් එක්වර ඉවත් කිරීමේ විශේෂ ශල්‍ය කර්මයක් ඊයේ (10දා) කළුතර ශික්ෂණ රෝහලේ ඩී ශල්‍යාගාරයේ දී වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලන පරණ පල්ලියගුරුගේ මහතා විසින් සිදුකරන ලදී.
ශල්‍යකර්මයට භාජනය කෙරුනේ මතුගම, පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කුසුමා ලියනගමගේ නැමති 62 හැවිරිදි කතකි.
එක්දරු මවක්වූ ඇයගේ වකුගඩු දෙකෙහිම සෙන්ටි මීටර් 3 සහ සෙන්ටි මීටර් 1.5 ක විෂ්කම්භයකින් යුත් ගල් වලින් අවහිරව අකර්නම්‍ය තත්වයේ පසුව සිට ඇත. එබැවින් ඇය වසරකට ආසන්න කාලයක් රුධිර කාන්දුකරණය කරමින් ඉතා දුක්බර ජීවිතයක් ගතකරමින් සිට ඇත.
සිදුකල එක්ස් රේ, සීටී ස්කෑන් සහ එම් ආර් අයි පරීක්ෂණ වලදී වම් වකුගඩුවේ සෙන්ටිමීටර 3 ක සහ දකුණු වකුගඩුවේ සෙන්ටිමීටර 1.5 ක විෂ්කම්භයකින් ගල් වකුකඩුවල සිරවී ඇති බව නිරීක්ෂණයවීමෙන් පසු ශල්‍යකර්මය සිදුකර ඇතැයි සදහන් වේ.
නිර්වින්දන කටයුතු ජගිසානී සහ නිර්මල යන වෛද්‍යවරුන් විසින් සිදුකල අතර, සසිකලා , අනුපමා, සචිනි සහ ජනිත් යන සහායක වෛද්‍යවරුන් සහ විකීරන ශිල්පී දිල්ෂාන් ගේද සහයෙන් පැය 4 කට ආසන්න කාලයක් ශල්‍යකර්මය සිදුකෙරිණි.
ශ්‍රීලංකාවේ මීට පෙර මෙවැනි ශල්‍යකර්මයක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බවත් සදහන් වේ.
ශල්‍යකර්මය පිළිබඳ අදහස් දැක්වූ වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලන පරණ පල්ලියගුරුගේ මහතා. වකුගඩු රෝගීන් විශාල වශයෙන් සිටියත් ශල්‍යාගාර පහසුකම් නොමැතිව රෝගීන් වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් අපහසුතාවට ලක්වෙලා.
ශල්‍යාගාර පහසුකම පැය කිහිපයකට සීමාවී ඇති නිසා අපෙන් ජනතාවට නිසි සේවාව ලබාදෙන්න නොහැකි වෙලා. ශල්‍යාගාර වෙන්කිරීමේ කාලසීමාව වැඩිකරනවා නම් ශල්‍යකර්මයන් වැඩි වශයෙන් සිදුකර ජනතාවට සේවාව පහසුකම වැඩිකර දෙනවා නම් ශල්‍යකර්ම වැඩි වශයෙන් කරලා ජනතාව සුවපත් කරන්න පුළුවන් යැයි පැවසීය.
පානදුර සුමිත් පොතුපිටිය සහ අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

