ඉදිරි දින කිහිපය තුළ ඌව, නැගෙනහිර, උතුරු මැද හා උතුරු පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවයිනේ මුල් ස්ථාන ලබාගත් සිසුන් අතරින් මෙවර කැපී පෙනෙනම ප්රථිඵලය වාර්තා කිරීමට බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා සමත්විය. ඒ කලා අංශයෙන් දිවයිනේම පළමු ස්ථානය වාර්තා කරමිනි.
Read Moreපාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,033 දක්වා ළඟා වී තිබේ.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාව විසින් මහාමාන්‍ය ප්රතාපාධිකේශේවර යන ගෞරව නාමය පුද කොට තිබේ.
Read Moreරුපියල් දෙකෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා රිදී ආභරණ සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම පියවර ගෙන ඇත්තේ එක්සත් ජනපද යුද නැව් ස්වයං පාලිත දිවයින පසුකර පැය කිහිපයකට පසුවය.
Read Moreශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් ව්‍යාපාර සඳහා එක්වීමට රටවල් කිහිපයක සමාගම් 24ක් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ හා පිලිපීනය යන රටවල සමාගම් 24ක් මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.
Read Moreඑක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් පසු එවැනි පළමු උණුසුම ලෙස එක්සත් ජනපද නෞකාවන් දෙකක් ස්වයං පාලන දිවයින පසුකර යාත්‍රා කරයි.
Read Moreඅධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රථිඵල නිකුත් කර තිබේ. එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් ලබාගත හැකියාව පවතී.
Read Moreයුරෝපය පුරා සම්පත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව වඩාත් දැඩි වන බැවින් ව්‍යාපාර බලශක්ති ඉතිරිකිරීමේ පියවර ගනියි.
Read Moreජනපතිවරයා රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දී නොමැති බවත් ,ඔහුට පූර්ණ නිදහස අවැසි බවත් ඔහු වෙනුවෙන් සටන අත්හැර නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිකවැරටියේ දී අද (27දා) පැවසීීය
Read Moreනයිජීරියාව මෙම පියවර සාධෘරණීකරණය කරන්නේ, දේශීය දක්ෂතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවට සහ සමස්තයක් ලෙස ආර්ථික වර්ධනයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් ලෙස පවසමිනි.
Read Moreපෑලියගොඩ මීගමුව මාර්ගයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල දී සිදු කළ වැටලීමකදී පොලිස් නිලධාරීන්ට ලක්ෂ 30 ක අල්ලස් මුදල් ලබාදීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කොකේන් , කුශ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන තාවකාලික ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා චීන රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බව චීන තානාපති චී ෂෙන්හොං මහතා මහනුවර දී පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනෙකු එම ආයතනයේ රුපියල් මිලියන ගණනක් වැයකොට විදේශ රටක විනෝද චාරිකාවක් යාමට සැලසුම් කොට තිබියදී එය අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසීය.
Read Moreනොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කිරීම හේතුවෙන් අද (28) විදුලිය කප්පාදුව පැයක් දක්වා අඩු කරන බව මහජන උපයෝගීතා කොමිෂම පවසයි.එම පැයක විදුලි කප්පාදුව රාත්‍රීයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreඅනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති පොල් ගසක, කඳ ප්‍රදේශයෙන් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි හට ගැනීමේ පුවතක් වාර්තා වේ.
Read Moreඉදිරි මාස හතර සඳහා ඉන්ධන මිලදී ගැනීම සඳහා රටට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වීමත් සමග විදේශීය තෙල් සමාගම්වලට ශ්‍රී ලංකාවෙ සිල්ලර මෙහෙයුම් සඳහා ඉන්ධන පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් භාර දීමට නියමිතය.
Read Moreඉදිරියේදී පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreවන අලියා බෝග හානි සිදු කළත්, ඌ ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමටත්, නමුත් ආරක්ෂිත සත්ව ලැයිස්තුවේ සිටින වගාහානි සිදු කරන අනෙක් සතුන් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඒ සඳහා පත් කළ කමිටුවේ අවධානය යොමු වේ.
Read Moreසිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස්කළ පළමු අතුරු වාර්තාව නෞකා අනතුරු වන්දි ලබාගැනීම පිළිබද විශේෂඥතාවයක් සහිත ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවාය.
Read Moreජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් හා මිල්කෝ ආයතන මගින් මුදවන ලද කිරි නිපදවීම නවත්වා දියර කිරි, හා පිටි කිරි ඇතුළු කිරි ආශ්රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන් මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද ඊයේ (27දා) මහනුවර සංචාරයක නිරතවීමට නියමිතව තිබුණත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා හදිසියේම එම සංචාරය අවලංගු කර දැමීමට පියවර ගෙන තිබුණි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු පත්කර නොමැති බව තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාවේදී අනාවරණය වේ.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළේය.
Read Moreහෙට දිනයේදී තමන්ට අවශ්‍ය ඩීසල් නොලැබුණහොත් සඳුදා දිනයේදී පාසල් ළමුන් ප්‍රවාහන රථ ක්‍රියාත්මක නොවෙනු ඇතැයි සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ප්රයත්නයට රන්ජන් රාමනායක මහතා නායකත්වය දෙනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreබෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම ඉන්ධන හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වීමට හේතුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා පර්යන්තයේ සේවකයන් 4200යකගෙන් කරන කාර්යයන් සේවකයන් 500කින් සිදුකළ හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreනොරොච්චෝල තාප විදුලි බලාගාරයේ අක්‍රීය වූ යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති හෙයින් දැනට ක්‍රියාත්මක කර ඇති විදුලි කප්පාදුවේ අඩු කිරීමක් සිදුකළ හැකිදැයි යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසා තිබේ
Read More