කිසිදු මැතිවරණයක් ළගදි පැවැත්විමට රජය සුදානම් නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතා පැවසිය.
එස්.අරවින්ද කුමාර් මහතා කියා සිටියේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පරිපාලනය වන සියළුම පාසල් වල පවතින ගැටළු සම්බන්ධයෙන් ඒවාට විසදුම් සෙවිම සඳහා විදුහල් වල විදුහල්පතිවරුන් සමග (19) දින හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේදි පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.අරවින්ද කුමාර් මහතා කියා සිටියේ රට ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිහත් වි සිටින අවස්තාවක විශාල මුදලක් වැය කර මැතිවරණ පැවැත්විම සුදුසු නැති බවයි.
තමන් දන්නා පරිදි කිසිදු මැතිවරණයක් ළගදි පවත්වන්නේ නොමැති බවත්, ඒ සදහා රජයේ කිසිදු පාර්ශවයක් සුදානම් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.