කොළඹ වරාය නගරය වෙනුවෙන් නව වීසා වර්ග හඳුන්වාදීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව මෙහි ස්ථාපිත කිරීමට නියමිත විවිධ සේවා සැපයීම වෙනුවෙන් පැමිණෙන ආයෝජකයන් හා අනෙකුත් කාර්ය මණ්ඩල වෙනුවෙන් අවශ්‍ය කාර්යයන් සේවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යුතු වෙයි.
ඒ අනුව කොළඹ වරාය නගර කොමිෂම මත පදනම්ව වීසා කාණ්ඩ තුනක් හඳුන්වාදීමට නියමිතය.
01 වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයන් සඳහා ආයෝජකවීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම.
02 වරාය නගරයේ සේවය කිරීමට පැමිණෙන සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවා නියුක්ත වීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම.
03 කොළඹ වරාය නගරයේ බදු පදනම මත වාසය කරන නේවාසිකයන් සඳහා සී.පී.සී. නේවාසික දේපල බදු ගැනුම්කරු යටතේ වීසා නිකුත් කිරීම.