පානදුර දකුණු පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු එහි වැසිකිළිය තුල ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි සඳහා යොදවා ඇති කොස්තාපල්වරයෙකු වේ.
පානදුර දකුණ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදු කල පරික්ෂාවේදී ඔහු හැඳ සිටි කොට කලිසමේ කුඩා ගංජා පාර්සලයක්, දම් පාට ලයිටරයක් සහ අග කඩන ලද දුම්වැටියක් සොයා ගැනීමෙන් අනතුරුව තවදුරටත් ඔහුගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී රෝස පාට කුඩා ග්‍රොසරි බෑගයක බහා තිබූ කුඩා ගංජා පාර්සලයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) චන්න අමරසේකර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදුකෙරේ.
සුමිත් පොතුපිටිය/සමන් කාරියවසම්/බිමල් ශ්‍යාමන්