ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ජනපතිවරයා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා සංශෝධන අවශ්‍යනම් ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඒ අනුව ලබන වසරේදී නව ශ්‍රී ලංකා මහ බැංකු පනත්කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදි අනුමත වෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.