තමන් පැහැර ගත් පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනිමට වෙනත් නිවසක සැගව සිටි කාන්තාවක් විශේෂ විමර්ශණයකින් පසු ආණමඩුව පොලිසියෙ නිළධාරින් විසින් ඊයේ (18දා) අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි තිදරු මවක් බව කියයි.
අදාල කාන්තාවගෙ සැමියා විශ්‍රාමික යුධ හමුදා නිළධාරියකු වන අතර ඔහු යුධ හමුදාවෙන් විශ්‍රාම යාමේන් පසු කොන්ත්‍රාත් කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත් වලින් පාඩු ලබා නිවසට ව සිටින බවද පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබේ.
අදාල කාන්තාව පසුගිය 15 දින ආණමඩුව නිවසින් දියණිය පදිංචි වාරියපොල හංහමුණ නවගත්තම ප්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණේන බව සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවත් එදින සවස සිට අතුරුදහන්ව ඇති බව කියයි.
කෙසේ නමුත් තම මව ආණමඩුව නගරයට පැමිණේන තුරු බලා සිටි මෙම කාන්තාවගෙ බාල පුතා සවස් වන තුරු බලා සිට ඇති නමුත් කාන්තාව සොයා ගැනිමට නොහැකි විමත් දුරකථනය ක්‍රියා නොකිරිමත් මත බාල පුතු ආණමඩුව පොලිසියට 15 දින සවසම පැමිනිලි කර ඇති බව කියයි.
15 දින මෙම කාන්තාව පිළිබදව කිසිදු හෝඩුවාවක් නොමැති විම හේතුවෙන් ආණමඩුව පොලිස්ථානයෙ ස්ථානාධිපති එච්.ආර්.හේමන්ත නන්ද කුමාර මහතා ඉහල පොලිස් නිළධාරින්ට දන්වා මේ පිළිබදව අදාල උපදෙස් ලබා ගැනිමේන් පසු පරික්ෂණ ආරම්භ කිරීමට කටයුතු කර තිබුණි.
නමුත් 16 දින මෙම කාන්තාව තම ජංගම දුරකථනයෙන් සැමියාට කථා කරමින් පවසා ඇත්තේ සිව් දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් තමන් ආණමඩුව නගරයෙදි 15 සවස පැහැර ගත් බවත් මුදා හැරිමට ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලා සිටිමින් තමන්ට මරා දමන බවට තර්ජනය කරන බවයි.
ඒ අනුව මෙම කාන්තාව අවස්ථා ගනනාවකදි සැමියාට දුරකථන ඇමතුම් ලබා ගනිමින් තමන් ඉක්මනින් අදාල කප්පම් මුදල ලබා දී බේරා ගන්නා ලෙස අයැද සිට ඇති බව සැමියා ද පොලිසියට පැමිණිලි කරමින් ඇති බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් ඒ වන විටත් ආණමඩුව පොලිසියෙ නිළධාරින් මෙම කාන්තාව ගමන් කල ස්ථාන හා අදාල මාර්ග වල ආවේක්ෂණ කැමරා පරික්ෂා කරමින් අදාල පරික්ෂණ අරඹා තිබුණි.
එහිදි පොලිසියට කිසිදු ස්ථානයක දී මෙම කාන්තාව පැහැර ගැනිමක් පිළිබදව තොරතුරක් සොයා ගැනිමට හැකිවි නොතිබු බව කියයි.පසුව මෙම කාන්තාවගෙ දුරකථනයෙන් 17 දින ඇමතුමක් ලබා ගත් තැනැත්තේකු පවසා ඇත්තේ බිරිද නිරුපද්‍රිතව බේරා ගැනිමට අවශ්‍ය නම් ලක්ෂ 50 නොව 35 ලබා දෙන ලෙසයි.
පසුව මෙම කාන්තාව සැමියා අමතමින් පවසා ඇත්තේ අදාල මුදල් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් වලට බැර කිරීමට කටයුතු කරන ලෙසත් එම බැංකු ගිණුම් තමන් සන්තකයේ තිබෙන නිසා මුදල් ලැබුන පසු පැහැර ගත් පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කිරීමට හැකි බවය.
මේ සියල්ල ගැන ආණමඩුව පොලිස්ථානයෙ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර මෙම කාන්තාවගෙ දුරකථන වාර්තාවක් ලබා ගනිමින් ඇය රැදි සිටින ස්ථාන පිළිබදව නිසි විමර්ශනයක් සිදු කර තිබේ.
ඒ අනුව මෙම කාන්තාව රැදි සිටි කටුපෙත ප්‍රදේශය පිළිබදව විශේෂ විමර්ශනයක් අරඹා පසුව නිවසක සිටියදී 18 දින අදාල කාන්තාව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තම බාල පුතා විදේශ ගත විමකට රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් ලබා ගත් බවත් එසේ ලබා ගත් මුදල් විදේශ රැකියා ආයතනයකට ලබා දුන්නද පුතාට රැකියාව ලබා නොදිම හේතුවෙන් ලබා ගත් මුදල පොලි සමග එකතු වි මේ වන විට විශාල මුදලක් බවට පත්විම නිසා එය ගෙවා දැමිමට මෙසේ සිදුකල බවයි.
කෙසේ නමුත් මේ වන විට අදාල කාන්තාවගෙ සැමියා හා පුතුගෙන් පොලිසිය ප්‍රශ්ණ කිරීමට නියමිතව තිබුණි.
