saravita-anim2

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5049 hours ago

LATEST

එලොව ගොස් මෙලොව පැමිණි එරික්සන්ගෙන් ඩෙන්මාර්කයට විශිෂ්ඨ දක්ෂතා

calendar_today 2022 නොවැ 22 - 20:30 remove_red_eye - 646  

ඩෙන්මාර්කය හා ටියුනීසියාව අතර ඩී කාණ්ඩයේ පැවති තරගය ජය පැරදුමින් තොරව අවසන්විය. දෝහා හි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ගෝල වාර්තා කිරිමට කණ්ඩායම් දෙකටම අවස්ථා ලැබුණද ඒවා සාර්ථක කර ගැණීමට කිසිදු කණ්ඩායමක් සමත් නොවීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සිය වත්කම් හා වගකීම් ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙ. වර්ෂ 2022ට අදාළව මෙම වත්කම් හා වගකීම ප්‍රකාශය ඊයේ පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

Read More

ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත්, ධීවර ප්‍රඡාවට භුමිතෙල් සැපයීම නිසි ලෙස සිදු කර නැති අතර එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකිවී ඇති බව ද ලිපියෙන් පෙන්වා දී තිබේ.

Read More

ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ ඇමෙරිකා - වේල්ස් තරගයේ ඇමෙරිකාව වාර්තා කළ ගෝලය පැති කිහිපයකින් ඇමරිකාවට සුවිශේෂී වෙයි. ඉන් එක් විශේෂත්වයක් වන්නේ ඔවුන් වසර 08කට පසුව ලෝක කුසලානයකදී වාර්තා කළ පළමු ගෝලය එය වීමයි.

Read More

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය විධිමත්ව නැවත කඩිනමින් ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

Read More

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

දෙවරක් ලෝක කුසලානය දිනූ ආර්ජන්ටිනාව පරදා ලෝක කුසලානයේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබීමට සෞදි අරාබිය සමත්විය.ඒ ’සී’ කාණ්ඩයේ අද පැවැති තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකර ගනිමිනි. මෙම තරගය ලුසෙලිහිදී පැවැත්විණි.

Read More

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැකවීම සඳහා ජනාධිපත් කාර්යසාධක බලකායක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මේ හැම දේකටම අපි යර්ස් කියන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තිය. මම එදත් වැරදිදේට වැරදිය කිව්වා. මගේ අදත් තියෙන මතය තමයි මේ තරම් ඉහළට පොලී අනුපාත ගෙන යාම ගැන එකඟ නෑ. ආර්ථික විද්‍යාව ගැන මොකක් හරි අපිත් දන්නවා. පහළ මට්ටමේ ඉන්න ජනතාව කොහොමද ඉන්නේ. ප්‍රශ්නත් එක්ක තමයි ප්‍රතිපත්ති තීන්දු ගන්න ඕන. හැකි ඉක්මනින් පොලී ප්‍රතිපත්ති පහළට ගේන්න වෙනවා.

Read More

ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් තමා කළ පරීක්‍ෂණයක් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ප‍්‍රචාරය වීමෙන් අනතුරුව නීතීවිරෝධි ආකාරයෙන් තමාගේ වැඩ තහනම් කිරීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වු බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් තමාට රුපියල් කෝටි 10 වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (22දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

මැතිවරණයකට ඉදිරිපත්වන කිසියම් අපේක්ෂකයෙක් අනුමත මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි පරිදි නීතිමය ප්‍රතිපාදන ඇතුලත් මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධි විධාන සැලැස්වීමේ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ, සිරිමාවේ මැතිණිය පෝෂණය කළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් පක්ෂ සභාපති මෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

Read More

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ලකුණු 6000 සීමාව වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ක්‍රිකට් වාර්තා අතරට එක්විය. එංගලන්තයට එරෙහිව මෙල්බන්හිදී අද (22දා) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 106ක් රැස්කරමින් වෝනර් මෙම වාර්තාවට ලගාවිය.

Read More

ඩොලර් මිලියන 600ක් වූ මාසික ඉන්ධන මිල මේ වන විට ඩොලර් මිලියන 200-250ක් දක්වා කලමණාකරණය කර ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේ උසින් වැඩිම ක්‍රීඩකයා කවරෙකුද යන්න සැමට කුතුහලය දක්වන ප්‍රශ්නයක් වේ. ක්‍රීඩකයින් සිය ගණනක් අතරින් මෙවර ලෝක කුසලානයේ වැඩිම උසින් යුත් ක්‍රීඩකයා ලෙස හඳුනාගත හැක්කේ නෙදර්ලන්ත කණ්ඩායමේ දැල් රකින්නා වන ඇන්ඩ්‍රියේස් නොපාර්ට්ය.

Read More

සංචාර විසා මත සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යන්ට ගොස් මේ වන විට සුරක්ෂා නිවාස වල සිටින කාන්තාවන් 154දෙනා පරීක්ෂණ සිදු කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත් බව කම්කරැ සහ විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන ලෙස සකස් කළ 5/2022 චක්‍ර ලේඛය වෙනස් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දුන් බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

කළුබෝවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලක්ෂ 80ක් පමණ වටිනා හඳුනා නොගත් මත් පෙති තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

රාජ්‍ය අංශය හැකිලිය යුතුයි. මේක නඩත්තු කරන්නත් බෑ, කළමණාකරනය කරන්නත් බෑ. ප්‍රා දේශීය ලේකම් කාර්යාලය කළමණාකරනය කරන්න පුළුවන්ද? දොරෙන් ඇතුළුවුණාම ප්‍රා දේශීය ලේකම් හමුවෙන්න අර නිකම් දාම් පෙතේ යනවා වගේ යන්න ඕන.

Read More

“රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහ ගත කිරිම ගැන මෙවර අයවැයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතනත් තිබෙනවා. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරිම තමයි මුලින් කළ යුතු වන්නේ. කුමන ආර්ථික තත්ත්වයන් යටතේ වුවත් අපේ රටේ රාජ්‍ය සම්පත් විකුණන අපේ ප්‍රතිපත්තිය නොවන බව මම අදත් සිහිපත් කරන්න කැමතියි”

Read More

සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්‍යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත් එම ප්‍රකාශකයා පැවසීය .

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විනය ක්‍රියාමාර්ග ගන්නා ඇති බවත් අධ්‍යාපනය අමාත්‍යාංශ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

Read More

පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා තීරණයක් ගෙන ඇති බවත් ගුරුවරයාගේ ඇඳුම රටේ අනන්‍යතාව තහවුරු කරන සාධකයක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

දේශීය ණය ගෙවීම පිළිබඳ ගැටළුවක් මතුවෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක විය යුතුබවට දැඩිව ප්‍රකාශ කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

75 වැනි නිදහස් දිනයේදී ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට නොමිලයේ අවස්ථාව ලබාදීමටත් හා දිවයින පුරා ඇති සිනමාහල්වලින් චිත්‍රපට නැරඹීමේදී සියයට 50ක ගාස්තුවක් කපා හැරීමටත් අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

එමෙන්ම කෘමිනාශක හා වල් නාශකවල ඇසුරුම්වල ලේබල්ගත කර තිබෙන මුදල හැර වෙනත් මිලක් අය කිරීමට කිසිදු අලෙවි නියෝජිතයෙකුට නොහැකිය. කිසියම් අලෙවි නියෝජිතයෙක් ලේබල්ගත මිලට වඩා වැඩියෙන් මුදල් අය කළහොත් එම නියෝජිතයින්ගේ නියෝජිතභාවය අහෝසි කරන බවත්, ගොවි ජනතාවට ඒ සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පැමිණිළි කිරීමට හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නේය.

Read More

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය 2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22දා) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මහජන ආරක්ෂක පනත අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යබද මුහුුදු සීමාවන්හි ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.