කළුබෝවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලක්ෂ 80ක් පමණ වටිනා හඳුනා නොගත් මත් පෙති තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
සැකකරු සමඟ මත් කරල් 78600 ක් පොලිසිය භාරයට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මත් කරල් 4800 ක් සමග මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කළුබෝවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙම මත් කරල් තොගය සොයා ගත් බව පොලිසිය කියයි
හොරයින් මත් කුඩු වලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස මෙම මත් කරල් භාවිතා කරන බව පොලිස් නිළධාරියෙකු පැවසීය. අවුරුදු හතළිස් හතක් වන සැකකරු දෙහිවල පදිංචි කරුවෙකි.සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිසිය වෙත භාරදී ඇත.
