පාසල් ගුරුවරියන්ගේ ඇඳුම ගැන අධිකරණ ඇමති කී දේ
පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා තීරණයක් ගෙන ඇති බවත් ගුරුවරයාගේ ඇඳුම රටේ අනන්‍යතාව තහවුරු කරන සාධකයක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මේ ප්‍රශ්ණය පිළිබදව අවසාන තීරණයක් අධ්‍යාපන ඇමතිතුමා ගැන දීලා තියෙනවා. ඇඳුම් සකස්වෙලා තියෙන්නේ රටේ අනන්‍යතාව, අපේ සංස්කෘතික අනන්‍යතාව තහවුරු වෙන ආකාරයට.
ඉන් ඔබ්බට ගත්තොත් ගුරුවරයා පිළිබඳව ශිෂ්‍යාට තියෙන ගෞරවය හා භක්තිය ආරක්ෂා වෙන ආකාරයට තමයි මේ ප්‍රමිතින් හදලා තියෙන්නේ. අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා.ඒක බලවේගයක් තමයි ඔය කියන්නේ ඔය සංස්කෘතිය විනාශ කරන්න කියලා.
තවත් බලවේගයක් තමයි අයිස් වගේ මත්ද්‍රව්‍ය පාසල්වලට නොමිලයේ බෙදලා දෙන්නේ. මේ රටේ අනාගත පරම්පරාව විනාශ කරන්න දුෂිත බලවේග ක්‍රියාත්මක වෙනවා. වෙන වෙන රාජ්‍යයන් වලින් සංවිධාන වලින් උදව් ලැබෙන බවට තොරතුරු තිබෙනවා.
කෑගහන වෘත්තීය සමිති නායකයන්ට කියනවා රටේ සංස්කෘතිය ඉගෙන ගෙන ඔය වෘත්තීය සමිති කටයුතු කරන්න ”
popular news
-
Dayan Tuesday, 22 November 2022 07:28 AM
If the government insists that lady teachers should wear saree then government needs to pay an allowance of supply sarees. You can not do what Wijedasa and premjayantha wants to do. They are not masters of the country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
