රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන ලෙස සකස් කළ 5/2022 චක්‍ර ලේඛය වෙනස් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දුන් බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
“මේක පැහැදිලි කරන්නේ 5/2022 චක්‍ර ලේඛණයත් එක්ක. කොවිඩ් 19 තියේද්දී රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳමක් ඇඳගෙන එන්න කියලා චක්‍ර ලේඛයේ තියෙනවා. මේක තමයි ඉස්සරහට ගන්නේ.
මම දැනුම් දීමක් කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මේ චක්‍ර ලේඛය නිසියාකාරව සකස් කරන්න කියලා. මොකද චක්‍ර ලේඛය තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට කියලා.
රාජ්‍ය සේවකයෝ කිව්වාම ගුරුවරුත් රාජ්‍ය සේවකයෝ. මේ සඳහා අවශ්‍ය පැහැදිලි කිරීම හා සංශෝධනය කරයි. මේ රූපරාමු පාසල්වල රූපරාමු නෙමෙයි. ඊට පස්සේ ඇතිවන තත්ත්වය අපි බලමු”