saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5058 hours ago

LATEST

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කරන්න

calendar_today 2023 ජන 30 - 14:50 remove_red_eye - 213  

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. මෙම ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා මේ වසරේ වෙන කර ඇති මුදල රුපියල් මිලියන 457 කි. ව්‍යාපෘතියේ වැඩකටයුතු 99%කින් මේ වන විට අවසන් ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

Read More

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වැඩ වසන මහා සංඝයා වහන්සේලාට තම මාසික සලාක දානය අඩු වියදමෙන් සරලව සකස් කර පූජා කරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව විහාරාධිපති, අතිපූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ දායකයන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

Read More

සැමට සමාන සංවර්ධනයක් ගෙනඒමට අපේක්ෂා කරන ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාවයට පහර දෙන අතරම, අප්‍රිකාවේ චීනය විසින් මෙහෙයවනු ලබන ’’ණය-උගුලක්’’ යන එක්සත් ජනපද චෝදනාව යෙලන් විසින්ද ඉදිරිපත් කළ බව චීන මාධ්‍ය පවසයි.

Read More

හික්කඩුව නගරයේ ඉදිකෙරුණු බස් නැවතුම්පොළ හා පොදු වැසිකිලිය විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසන් සභාව ඊයේ (29)පියවර ගත්තේය.

Read More

ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ’’ උඹලා වතුර කැපුවාට මදිවට, බිලත් දෙන්නත් එනවද යකෝ’’ යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාර වරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි

Read More

ගිනි ගැනීම හේතුවෙන් මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර රැ‍ගෙනයාමේ කටයුතු චීනයේ ෂැන්හයි සෙල්වේජ් ආයතනය මගින් මේ වන විට සිදු කරනු ලබයි.

Read More

මෙවර පහ වසර ශිෂයත්ව විභාගයෙන් කොළඹ ආනන්ද විදුහලේ දිනුත් දින්සර නන්දසිරි හා සනුත් දින්සර නන්දසිරි නිවුන් සොහොයුරන් සම ලකුණු ලබා එම විභාගය ඉහලින්ම සමත්වී තිබීම විශේෂයෙන්ම කැපීපෙනේ.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30දා) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Read More

පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (30) දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර-යාපනය අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයෙ ඉදිකිරීම් වල නිරත වු කම්කරුවෙකු ජේ.සී.බී යන්ත්‍රයකට යටවීමෙන් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී ඊයේ (29දා) සවස මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයක් පැවැත්විය යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කළ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වෙයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දි මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Read More

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු, පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල අද (30 දා) වන විට විශාල වශයෙන් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

Read More

පාර්ලිමේන්තුව අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි

Read More

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තම විෂය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් නොමැති බවත්, තමන්ට එන ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

Read More

පුල්මුඩේ පොලිස්වසමට අයත් පාලම්කුලම් වෙල්යායේදි කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර ඇත.

Read More

මාස දහයක් වයසැති බිළිදියකෙට අතවර කිරිම සම්බන්ධයෙන් සැකපිට එම බිළිදියගේ පියා ඊයේ (28) අත්අඩංගුවට ගත්බැව් පෝද්දල පොලිසිය පවසයි

Read More

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත විය. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසු විය.

Read More

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමේ හැකියාවක් හෙට දිනයේ සිට බලාපොරොතතුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ජනවාරි 31 හා පෙබරවාරි 1 යන දිනවල දිවයිනෙ තැනින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

Read More

කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දෙනමක් රෝහල් ගතකර ඇතැයි කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශයකයෙක් පැවසීය.

Read More

පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා නිවේදනය කරයි.

Read More

වසර දහයකට පමණ පෙරදී ආරම්භ කළ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සම්පුර්ණයෙන් ම නතරකිරිමට ගත් පියවර වෙනස් කර එය මුදල් තත්ත්වය යහපත්වු පසු යළි ආරම්භ කිරීමට සුදුසු යැයි රජයට යෝජනා කිරීමට රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධිකරණ කමිටු යෝජනාවක් පසුගිය 27දා පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රුස්වීමේ දී තීරණය විය.

Read More

වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු විවිධ තනතුරු දරණ නිලධාරින් 19 දෙනෙකු ඉකුත් වසර 07ක කාලය තුළ දී විනය විරෝධි කරුණු මත අනිවාර්ය නිවාඩු යැවිම් සහ වැඩතහනමකට ලක්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

දැනට තාවකාලිකව බර වාහන ධාවනය නවතා දමා ඇති නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය කොටස යළි බර වාහන ධාවනය කිරීම සඳහා අවසර දෙන ලෙස නුවරඑළියේ බස් රථ සංගම් ඉල්ලා සිටිති.

Read More

2022/23 මහ කන්නයේ දී කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Read More

මහරගම නගර සභාවේ සභාපතිවරයාගේ මහතාගේ නිළ රථයේ රෝද හතරට තියුණු ආයුධයකින් පහර දී බරපතළ හානි සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.