නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රෙය් අලුත් වැඩියා කටයුතු අවසන් කර තිබේ. මේ අනුව එම යන්ත්‍ර යේ මෙහෙයුම් කටයුතු යළිත් අද දිනයේදී ආරම්භ කර තිබේ.
තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කණ්ඩයම පරාජය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගය ජය ගැීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreහිිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 8 දෙනෙකුට ජනපති සමාව හිමිව තිබේ. ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව මෙම හිටපු සාමාජිකයන් 8 ට ජනපති සමාව ලබාදී තිබේ.
Read Moreවිශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනපති පවසයි. අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More2022 ඔක්තෝම්බර් 25 වන දින හිරු බැසයාමට ආසන්නයේදී ඉතා සුළු මට්ටමෙන් දිස්වන අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වේ. ලංකාවේ අපට ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයටය .
Read Moreආණ්ඩුව බරපතළ ආර්ථික අමාරුකම් මැද්දේ සිටින බවත් අද රටේ දැඩි ආහාර අර්බුදයක් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන පොළොන්නරුවේ දී පැවසිය.
Read Moreනාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි යොදා ගත හැකි ආකාරයේ වැඩපිළිවෙලක් සකසමින් සිටින බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
Read Moreරටට ආයෝජන ගේන්න, ව්‍යාපාර දියුණු කරන, රටට තාක්ෂණික උපදෙස් දෙන්න ජනතාවට ද්විත්ව පුරවැසිකම ලබාදීම ගැටලුවක් නොවන නමුත් මහජනයාගේ ස්වෛරී බලය පාවිච්චි කිරීම සඳහා ද්විත්ව පුරවැසියෙකුට බලය ලබාදීම කිසිසේත්ම නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15කදී ලකුණු 133ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදවී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත්විය.
Read Moreචීනයේ ජනපති ලෙස තෙවැනි වරටත් සිය ධුරය තහවුරු කර ගැනීමට වත්මන් ජනපති ෂී ජින්පින් සමත්විය. ඒ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජතික කොංග්‍රසයේදී යළිත් වරක් ඔහු කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස පත්වීමත් සමගිනි.
Read More’’2015දි ජනධිපතිවරණයට මුලින්ම පොදු අපේක්ෂකයාට තොරාගත්තේ මාව. පක්ෂය පාවා දෙන්න බැරි නිසා ගියේ නෑ. එදා පක්ෂය පාවා දීලා ගිහින් ජනාධිපති වුණ අය අද ඒ්කාධිපතියෙකු ලෙස හෙංචයියන් කිහිප දෙනෙකු සමග පවුල් වාදය රකිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවනවා’’
Read Moreයාපනය කන්කසන්තුරෙයි ප්‍රධාන මාර්ගයේ මාවිට්ටපුරම් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ඊයේ (22) රාත්‍රියේ හදීසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෑන් රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.
Read Moreබලශක්ති ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වෙනසක් සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රය මුලින් ලබාදී ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය ලබාදීමට නියමිතය.
Read Moreඅපවත් වී වදාළ අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිගේ ආදාහන පූජෝත්සවය අද (22) පස්වරුවේ ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදී සිදු කෙරිණි.
Read More22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොදම දේ වන්නේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය බවත් එසේ හොද දෙයක් තිබිය දී 22ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ හා කථානායකවරයාගේ සහතිකය ලැබුණ විට නව දේශීය ආදායම් පනත නොමැම්බර් 01 දා සිට ක්‍රියාත්මක විමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසති අන්තයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20ක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද දිනයේදී හා හෙට දිනයේදී පස්වරු 5 සිට රාත්‍රි 9.00 දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.
Read Moreසිංහපුර - වැලිකන්ද මාර්ගයේදී මුතුවැල්ල ප්‍ර දේශයේදී යුද හමුදා නිලධාරීන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් ඒහි ගමන් ගත් යුද හමුදා කපිතාන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් 2023 අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreරූපලාවන්‍ය ද්‍රව්‍ය, වාහන අමතර කොටම් හා අපනයන අයිතම වෙනුවෙන් වූ අමුද්‍රව්‍ය ආයනයට පනවා ඇති සිමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreඅත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් ශ්‍රී ලකා පාර්ලිමේන්තුව 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජසයූරිය මහතා පවසයි.
Read Moreද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවත් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් ඔවුන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 178කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි.
Read Moreනේවාසිකාගාරයේ කාමරයේ දී මියගිය සබරගමු විශ්ව විද්‍යාලයේ සිවුවන වසරේ ශිෂ්‍යයාගේ සිරුර සම්බන්‍ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයක් පවත්වන බව බළන්ගොඩ ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ඩබ්.කේ.පී. අසෝක කුමාර මහතා අද (21දා) සවස පැවසුවේය.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ ආරම්භ විය.
Read Moreසාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළු රැස්වීමට අනුව මෙට්‍රික් ටොන් 8000ක විශේෂ සහල් සංචිතයක් පවත්වාගත යුත වීම සහ 2008/8/27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දිවයින පුරා පවතින ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවල මෙට්‍රික් ටොන් 100,000 ක ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම සිදු නොවීම සම්බන්ධව කෝපා කමිටුවේ අවධානය යොමු විය.
Read More