saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 4657 hours ago

LATEST

ලයන්, අෂ්වින් අබිබවමින් වාර්තා අතර ඉදිරියට

calendar_today 2022 දෙසැ 04 - 16:30 remove_red_eye - 626  

අන්තර්ජාතික ටෙස්ට් පිටියේ වැඩිම කඩුළුලාබීන් අතර තවත් ඉදිරියට පැමිණිමට ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් සමත්විය. ඒ් බ.ඉ.කොදෙව් සමගින් පැවති තරගයේදී කඩුළු 6 ක් දවා ගැනීමත් සමගිනි.

ලෝක ‌බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි.

Read More

ප්‍රා දේශීය ලේකම්ට කැමති විදිහට බෙදන්න බෑ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. අපි ඒක තාවකාලිකව නවත්වලා තියෙන්නේ. අපි කොමිටියක් දානවා. ඒ අනුව තමයි ඉඩම් බෙදන්න දෙන්නේ. ඒකත් තාවකාලිකයි.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක නිරතව සිටියි. එහිදී ඔහු ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ බොහෝ ඇමෙරිකානු නිලධාරීන් පෙන්වා දී ඇති කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.

Read More

විදේස්ගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙ ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි යන කටකතා සම්පූර්ණයෙන් සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

ණය බරින් මිරිකී සිටින ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14 කට බෙදීමටත් ඉතිරිවන කාර්යයන් සිදුකිරිම වෙනුවෙන් තවත් ආයතනයක් ස්ථාපිත කරන ලෙසත් විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වෙනුවෙන් පත්කළ කමිටුව විසින් යෝජනා කර තිබේ.

Read More

පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළදුන් පවසයි.

Read More

පාඩු ලබන ආයතනයක්ව පැවැති ලංකා සතොස ආයතනය අවශ්‍ය පහසුකම් ලබා දීම හා සැපයුම්කරැවන් තුළ ආයතනය පිළිබද විශ්වාසය ගොඩනංවා ලක්ෂ 57000 ක මාසික ආදායමක් ලබා ගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු ගුවන් අනතුර ලෙස සටහන් වන ඩී.සී. 08 ගුවන් යානය සප්තකන්‍යා කදුවැටියේ ගැටි අනතුරට පත්ව අද (04දා) වසර 46ක් ගතවනු ඇත.

Read More

දරාගත නොහැකි මිල හේතුවෙන් බිත්තර පරිභෝජනය අඩු වී ඇති තිබෙන බැවින් බිත්තර හිඟයක් මේ වන විට රටේ නොපැවතියත් ඉදිරි උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග බිත්තරයක මිල රුපියල් 80 සීමාව ඉක්මවා යාහැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි .

Read More

සංචාරකයන් 600ක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් වන අසමාරා නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතය. නෞකාව කොළඹ වරායෙන් පසුව හම්බන්තොට වරායට යාමට නියමිතය. නෞකාවේ සේවකයන් 400ක් සේවය කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අගමැතිවරයා නම් කළ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර ිතිබේ.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බව පවසමින් කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය නිවසට ඊයේ (3දා) දහවල් වෑන් රථයකින් හය දෙනෙකුගෙන් යුත් සන්නද්ධ පිරිසක් කඩාවැදී ගිනි අවි සොයා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

Read More

සිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට මුහුණදීමට ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමත්විය. ඒ් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවති තරගයේදීය.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටය දින 12 ක් පුරා කටාර් හි ක්‍රීඩාංගණ 8 කදී පැවැත්විණ. මේ එහි මතකය නැවතත් අවුස්සා බැලෙන ඡායාරූප පෙලකි‍

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්ලැබූ කණ්ඩායම බවට පත්විමට නෙදර්ලන්තය සමත්විය.

Read More

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙලෙස සභාගත කරනු ලැබුවේ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදු කර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව සහ 2016 සිට 2019 දක්වා කාලය තුළ ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තා දෙකය.

Read More

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

කඳාන පොලිස් වසමේ දොලහේන ප්‍ර දේශයේ නිවසක ඇතිවූ පුද්ගලික ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තම දියණියගේ ස්වාමි පුරුෂයාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read More

චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළේය.

Read More

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

හැත්තෑපස් වන ජාතික නිදහස් දිනය සිහිකරනු පිණිස රටේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට වගකීම පවරා තිබෙන බවත් එම වගකීම කඩිනමින් ඉටු කරන බවත් යෞවන කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අද (03 දා) පැවසීය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත.

Read More

2022 - හතර වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියට (Calinary World Cup - 2022 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදීන් එකොළොස් දෙනෙකු රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read More

රටේ එතනෝල් නිෂ්පාදන අතිරික්තයක් පවතින බවත් එම ප්‍රමාණය අපනයනය කිරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ ජාතික සභා අනුකමිටුවේදී අවධානය යොමුවිය.

Read More

ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන බ්‍රසීලයේ පේලේ යලිත් හදිසියේ රෝගාතුර වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේ ඇතිවූ ශ්වසන ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවත්, මේ වන විට ඔහු බ්‍රසීලයේ සාවෝ පෝලෝ වල රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදි බ්‍රසීලය පරාජය කළ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට කැමරූනය සමත්විය

Read More

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් බ්‍රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ඔහු එළඹෙන තරගවාරයේදී තමන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන බවද නිවේදනය කර ඇත.

Read More

ගාල්ල රිච්මන්ඩ් විදුහල ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 41 කින් පරාජයට පත් කරමින් මෙවර අන්තර්පාසල් ‘ඒ්’ කාණ්ඩයේ එක්දින ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.

Read More

සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක සොන්ග් හියුන්ග් මින්ගේ ආධාරයෙන් අතිරේක ක්‍රීඩක හ්වැන්ග් හී චාන් වාර්තා කළ ගෝලයත් සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුනු කොරියාව සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.