saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4603 hours ago

LATEST

ඉන්දියාව 168-6

calendar_today 2022 නොවැ 10 - 15:11 remove_red_eye - 199  

විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කලේය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟත්වය පිළිබඳව නිසැකවම පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බවත්, කෙසේ වෙතත් එහි අඩුංගු කරුණු පිළිබඳ චීනය, ඉන්දියාව වැනි රටවල් සමග සාකච්ඡා කරන අතර, ඇතැම් සංශෝධන සිදුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විශ්වවිද්‍යාලය වල සිසුන්ට නවක වදය ලබා දී මේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට සඳහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

Read More

මෙරට තිබෙන ප්‍රශ්න මෙරට තුළම විසඳා ගැනීමට හැකියාව තිබෙන බවත්, ඒ සඳහා පිටස්තර කිසිවෙකු අතපෙවීමට නොපැමිණෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජල මනු සටහන්කරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

Read More

රාජ්‍ය බැංකුවක එතෙර ගනුදෙනු සේවාවේ නියෝජ්‍ය කළමනාකාරිනිය ක ගේ ගල්කිස්ස ශාන්ත රීටා පාරේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි

Read More

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් කටයුතු කර තිබේ.

Read More

දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

ඉකුත් මාස දහයක කාලය තුළ ලාදුරු රෝගීන් එක්දහස් දහසය දෙනෙකු මෙරටින් වාර්තා වීම නිසා ලාදුරු රෝගය සම්බන්ධයෙන් සමාජගත වී වැරදි ආකල්ප වලින් මිදී , යම් රෝග ලක්ෂණයක් වෙතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ලාදුරු වලින් තොර රටක් ගොඩනැගීමට සියලු දෙනා එක්වන ලෙස ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය .

Read More

විශේෂ කාර්ය බළකායේ 81 වන මූලික ආධුනික පුහුණු පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී පැවැත්විණි.

Read More

මෙරට වැඩිහිටි පුද්ගලයන්ට ලබා දෙනු ලබන වැඩිහිටි දීමනාව ඔවුන්ට මාස 03ක් ලබා දී නොමැති බවත්, එම දීමනාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති එම ආදර්ශ වගා උද්‍යානයෙන් විදේශ වෙළෙ ද පොලට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොළට අපනයනය කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සකස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සීටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉළක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය යටතේ අක්කර 200ක ක්‍රියාත්මක කර තිබේ.

Read More

ඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීමට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (10දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විශාලත්වය මෙන්ම රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාව සහ රාජ්‍ය ව්‍යවසාය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්ව තිබේ.

Read More

ලෝක ‌වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3කින් පමණ පහළ ගොස් තිබේ. එක්සත් ජනපද බොරතෙල් තොග බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාම හා ලෝකයේ විශාලම බොරතෙල් ආනයනකරු වන චීනයේ කොවිඩ් බිය හේතුවෙන් මෙසේ බොරතෙල් මිල පහළ යාමට හේතු වී තිබේ.

Read More

වසර හතරක් තුළ ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය හරහා මෙගා වොට් 2800ක් එකතු කිරිමේ සැලසුම සකස් කර අවසන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රීඩා අමාත්‍යවරයා ලෙස මේ ගැන අවධානය යොමුකරන ඔස්ට්‍රේලියානු පාර්ශ්වයන්ගෙන්, ඔස්ට්‍රේලියානු රජයෙන් හා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මේ ගැන සමාව ඉල්ලනවා. ධනුෂ්කකගේ ක්‍රියාව තනි පුද්ගලයෙකුගේ වගකිම් විරහිත ක්‍රියාවක්. මේ ගැන මම අවධානය යොමුකර තිබෙනවා. රටක් ලෙස මෙහි වගකීම භාර ගන්නවා. මේ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා”

Read More

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරු හතරදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ (8) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

ඉතාලියේ රිමිනි නිකේතනයට ඔබ්බෙන් රික්ටර් පරිමාණ 5.5ක භූමිකම්පාව මධ්‍යම ඉතාලියේ සහ බෝල්කන් ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලට දැනී තිබේ.

Read More

වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉපදෙන්නටත් කලින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව තමන් පොත්වලින් කියවා ඇති බවත් ඔහුගේ මව පාර්ලිමේන්තුවට එන විට දිනේෂ් ගුණවර්ධන කුසේ සිටි බවට ඔහුම පවා කියා ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුරෙන් රාඝවන් මහතා පැවැසීය. අද (09දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සදහා කඩිනමින් සහය ලබා දෙන බව ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවේ කියා සිටියාය.

Read More

උතුරු කොරියාව විසින් සැකකටයුතු බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව ටිවිටර් පණිවඩුයක් නිකුත් කරමින් ජපාන රජයද තහවුරු කළේය.

Read More

දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

Read More

යුක්රේන ගැටුම් මධ්‍යයේ යුරෝපා කලාපයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රුසියාවට දැඩි පිඩනයක් එල්ල වුවද, බෙලාරුසියානු ජනාධිපතිවරයා තවදුරටත් රුසියාව සමග රැඳී සිටියි.

Read More

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සදහා කාලය වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව කාරක සභා අවස්ථා විවාදය පැය එක හමාරකින් දීර්ඝ කිරීමට මෙහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

නේටෝ නායකයින් 2023 ජූලි 11 සහ 12 යන දිනවල ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස් හි ඔවුන්ගේ මීළඟ සමුළුව සඳහා රැස්වන බව සන්ධානය නිවේදනය කරයි.

Read More

ප්‍රභල නවසීලන්තය පරදා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය සමත්විය. සිඩ්නි හිදී පැවති තරගයේ ලකුණු 153 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19.1 ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.

Read More

Tianzhou-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බව චීන මාධ්‍ය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.