ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්රමයේ පළමු ඇගයීම සැප්තැම්බර් මස 14 වන දින සිට 24 වනදා දක්වා සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
යටියන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ණය වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙන බවත්, එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
වැඩපිලිවෙල සාර්ථක කරගැනීම සඳහා අවංක වෙහෙසක් දැරූ බව සඳහන් කළ අමාත්‍යවරයා , ඒ තත්ත්වය හමුවේ සාකච්ඡා වටයට සාර්ථකව මුහුණ දීමට හැකි බවද ඔහු පැවැසීය.
අවසන් සාකච්ඡාව බොහෝදුරට ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත බවත් එම අවසන් සාකච්ඡාව සාර්ථකව නිම කිරීමෙන් පසුව විස්තීර්ණ ණය මුදලේ දෙවන වාරිකය ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.