කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසළදි (13) දින පස්වරු 3.30 ට පමණ පිලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
එම දුම්රියේ එන්ජිම පමණක් පිලි පැනිමට ලක් වි ඇති බවත්, එම දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රියන් දුම්රිය ස්ථානයේ අනෙක් දුම්රිය මාර්ගයේ ධාවනය කිරිමට හැකි බවයි වටගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
පිලි පැනිමට ලක් වු උඩරට මැණිකේ දුම්රියේ එන්ජිම ගලවා ඉවත් කර එම දුම්රිය ස්ථානයේ එක් වේදිකාවක නතර කර ඇති අතර , උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් මගින්ව බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා යැවිමට පියවර ගෙන ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
පිලි පැනිමට ලක් වු දුම්රිය එන්ජිම පිලිගත කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු පැවසිය.
