චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සහනදායී සාකච්ඡාවකින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය සමග ’’නව සීතල යුද්ධයක්’’ ඇති නොවන බවට පොරොන්දු වී තිබේ.
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට, සියඹලාපිටිය විදුහල අසලදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අද (15දා) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreසමාජ මාධ්‍යවල දර්ශනවල දැක්වෙන්නේ කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිස් වාහනයක් පෙරළන ආකාරයයි.
Read Moreමීගමුව සහ කුරණ දුම්රිය ස්ථාන අතර දී දුම්රියක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක ගැටී අනතුරකට ලක් වී තිබේ. එම අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
Read Moreහයිබතුල්ලා අකුන්සාඩා යනු තලේබාන් සංවිධානයේ තුන්වැනි උත්තරීතර අණ දෙන නිලධාරියා වන දේශපාලන හා ආගමික නායකයෙකි.
Read Moreමෙරට ආර්ථිකය කඩා වැටීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිවරයා මෙන්ම පී.බී.ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම්වරයා මූලික වශයෙන් වගකිය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව ආණ්ඩුවක් පිහිටවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙවර අයවැයට පක්ෂ වීමෙන් සිදු වන්නේ ඔලුවෙන් සිට ගැනීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
Read Moreමැයි මස 9දා කලහකාරී සිදුවීමේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරිණි.
Read Moreමෙවර අයවැය මගින් කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැමැති දේහය කරේ තබාගෙන උඩුගම්බලා පිහිනීමක් සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read Moreපොලිස් රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.
Read Moreඅවිස්සාවේල්ල මාරඹේ ග්‍රාමීය බැංකුව ට ඇතුළු වී රුපියල් ලක්ෂ 50ක පමණ රන් ආභරණ සහ මුදල් අඩංගුව තිබූ සේප්පුව සොරා ගත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවිස්සාවේල්ල පොලිසිය මහජන සහය පතයි
Read Moreවිදේශයේ නිශ්පාදිත ජීව අත්බෝම්බයක් විකිණීමට උත්සහ ගත් පුද්ගලයෙකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බවට වැලිඔය පොලීසිය පවසයි.
Read Moreමාතලේ ප්‍රධාන බාලිකා විදුහලක සිසුවියන් 40ක් පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15දා) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreකිතුල් රා සඳහාත් නීතිමය සහනයක් ලබාදෙන ලෙස ඌව පළාතේ කිතුල් කර්මාන්ත කරුවෝ ඉල්ලා සිටිති .
Read Moreසෞදි අරාබියේ ඉංජිනේරු හා තාක්ෂණ (Technicians)ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගත වීමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය වේ.
Read Moreදූෂිතයන් සහ නාස්ති කරුවන් වටකර ගනිමින් රටේ ආර්ථිකය ගොඩ ගන්න පදනමක් සකස් කර ගැනීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read More2023 වසර වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14දා) ඉදිරිපත් කල අයවැය පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාට ජිවත් විමට සැදු අයවැයක් බවත්, අහිංසක ගොවියා සහ විදේශ ශ්‍රමිකයන් ගැන නොසිතු අයවැයක් බව ව්‍යාපාරික දහනායක බණ්ඩාර මහතා පැවසිය.
Read Moreඉහළ ජනන පිරිවැය හේතුවෙන් රජය අගෝස්තු මාසයේදී සාමාන්‍ය විදුලි ගාස්තුව සියයට 75 කින් පමණ ඉහළ දැමීමට කටයුතු කළේය. ’’නව ගාස්තු ඉහළ දැමීම ඉහළ ජනන පිරිවැය අනුව ලංවිමේ මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි අපි විශ්වාස නොකරමු නමුත් එය පාඩු අවම කර ගැනීමට උපකාරී වනු ඇත’’ යනුවෙන් ෆිච් රේටිංග් ආයතනය පවසයි.
Read Moreමහ වැසි ඇද වැටිම ආරම්භ විමත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය මේ වන විට වාන් දැමිම ආරම්භ කර ඇති බව පුත්තලම වාරි මාර්ග ඉංජීනේරු කාර්යාලය කියයි.
Read Moreපස්වරු 2න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, ඌව හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
Read Moreමීරිගම - පස්යාල මාරගේ කොටකන්ද හන්දිය ආසන්නයේදි මිරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් පියෙකු හා දියණියක හප්පා පලාගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පියා හා දියණිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනාම මියගොස් ඇත.
Read Moreමාතලේ, රණබිම ප්‍ර දේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ මව, දියණිය හා පුතුන් දෙදෙනාට අසළ නිවසක සිටි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් පිරිමු දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreතමන් සමගි සන්ධානයට එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර වාර්තා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කර ගනිමින්, කලාපයේ කාර්යක්ෂම වරාය බවට පත්වීමේ අරමුණ කරා වේගයෙන් ළගා වී ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසිය.
Read Moreඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත. ඔහු එහිදී පවසා ඇත්තේ තමන් එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කරන බවයි.
Read Moreශ්‍රී පාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වෙනවා වන බවත් මහනුවර රාජධානිය බිඳවැටීමෙන් ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅයවැය සම්මත කර ගැනීමේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ඇති බවත්, ඒ අනුව ඊට වෙනත් පාර්ශ්වවල සහාය ලබාගැනීමට ’වැඩි මහන්සියක්’ නොවිය යුතු බවත් එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි.
Read Moreඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට 2023 අයවැයෙන් යෝජනා කර තිබේ. මේ අනුව බොරතෙල්, ඩිසල්, පෙට්‍රල් ආනයනය කරන අවස්ථාවේදී මෙම බදු අය කිරීමට නියමිතය.
Read Moreප්‍රවේශපත්‍ර හිඟයක් දුම්රිය ස්ථාන රැසක පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
Read More