saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4414 hours ago

LATEST

ට්විටර් ප්‍රධානී ධුරයෙන් ඉවත් වීම ගැන මස්ක් ඡන්දයක

calendar_today 2022 දෙසැ 19 - 16:45 remove_red_eye - 393  

මත විමසීමට සහභාගි වී ඇති මිලියන 17.5ක ඡන්ද ප්‍රමාණයෙන් 57%ක් පමණ මස්ක් නායකත්ව භූමිකාවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබේ.

ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සාරද සමරකෝන් මහතා අද (19) එම ධූරයේ වැඩ භාරගනු ලැබීය.

Read More

පාර්ලිමේන්තුවේදී විවාද ‍කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය.

Read More

’’අපි ඉන්නේ ගෝලීය අවපාතයක අද්දර’’ යැයි ඇමෙරිකානු බැංකුවේ ගෝලීය ආර්ථික පර්යේෂණ ප්‍රධානී ඊතන් හැරිස් පැවසීය.

Read More

තමන් පැහැර ගත් පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනිමට වෙනත් නිවසක සැගව සිටි කාන්තාවක් විශේෂ විමර්ශණයකින් පසු ආණමඩුව පොලිසියෙ නිළධාරින් විසින් ඊයේ (18දා) අලුයම අත්අඩංගුවට ගත් බව කියයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි තිදරු මවක් බව කියයි.

Read More

“අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ. කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතුයි”

Read More

අඩු මිලට ඩීසල් ලීටර් 2000ක් ලබා දෙන බවට පවසා අනුරාධපුර නගරයේ ප්‍රධාන යුධ හමුදා කඳවුරක උසස් නිලධාරියෙකුගේ රුපියල් ලක්ෂ 7 ක මුදලක් වංචා කර රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18දා) විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මධ්‍යම කඳුකරය පුරා පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහවැලි ග‌ෙඟ් ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (19දා) උදේ සිට විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජින්රු කාර්යාලය කියයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්මහා තරගයට පෙර කුසලානය නිරාවරණය කිරීමට විශේෂ අමුත්තියකට ආරාධනා ලැබ තිබිණ.

Read More

වෛද්‍යවරු හා අනිකුත් රාජකාරිකරන සියලු වෘත්තිකයින් 60 න් පසු විශ්‍රාම යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් එලසම පාර්ලිමේන්තුවේ සිටින 60 න් ඉහළ පිරිසත් විශ්‍රාම යා යුතු බව තමන් වහන්සේ යෝජනා කරන බවත් ගැටඹේ රාජපෝවනාරාමාධිපති, රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

Read More

පාපන්දු ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී තවත් තරග කිහිපයක් තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන බවට සඳහන් කර තිබේ. මෙසී මීට ඉහතදී ප්‍රකාශ කළේ මෙම ලෝක කුසලාන තරගාවලිය ආජන්ටිනාව වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලානය වෙනු ඇති බවයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය වන අවස්ථාවේදී එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඊට සම්බන්ධ වූයේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

Read More

දින 45ක අඛණ්ඩ බුද්ධි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත්වෙයි මත්ද්‍රව්‍ය තොගය අතර අයිස් කිලෝ 128ක් සහ හෙරොයින් කිලෝ 106ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට

Read More

චීනයේ ඉහළම සෞඛ්‍ය නිලධාරියෙකු පවසන්නේ මෙම ශීත සෘතුවේ දී අපේක්ෂා කරන ලද කොවිඩ් රැළි තුනෙන් තුනෙන් පළමුවැන්න මේ වන විට චීනය අත්විඳින බව තමා විශ්වාස කරන බවයි. කොවිඩ් පාලනය කිරීමට චීනය සාර්ථක ලෙස පනවා තිබූ සීමාවන් ජනතාවගේ තරමක අකමැත්ත අනුව ලිහිල් කිරිමට චීනය කටයුතු කළේය.

Read More

යුක්රේනයට එරෙහිව සටන් වදිමින් සිටින තම හමුදාවේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා යුද්ධයේ ඉදිරි පෙළට සංගීතඥයින් සහ ගායකයින් යොදවන බව රුසියාව පවසයි.

Read More

සමගි ජන බලවේගයේ රජයක් යටතේ ජනාධිපති ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම අලුයම 4 සිට රාත්‍රී 12 දක්වා කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් රට ශක්තිමත් කොට, බංකොලොත් බවින් මුදා ගනිමින් ලක්ෂ 220 ක් වන රටේ ජනතාව දිනවීමට පියවර ගන්නා බවත් සමගි ජනබල වේගය නායක, විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ගම්පහදී පැවසීය.

Read More

2021-22 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 657ක් මේ වනවිට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු යොදා තිබේ.

Read More

හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙකි.

Read More

ලෝක කුසලාන තරගාවලි ද්විත්වයකදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පත්විය. ඒ් මෙවර ලෝක කුසලානයේදීද එම සම්මානයට හිමිකම් කියමිනි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කර තිබේ.

Read More

චීනය හා ශ්‍රී ලංකාව හොඳ මිත්‍රයින් බවත් රටවල් දෙකම ඒකිනෙකාට උදව් කරගෙන ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසිය. චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ජේෂ්ඨ සිසුවෙකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවෙකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.

Read More

අරගලය නිසා රට ආපස්සට ගිය බවත්, අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නොවන බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද(18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අභිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කල බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

චමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට ගවේෂණශිලි මාධ්‍යවේදියෙකු බව කියන මෙන්ම ගුවන් හමුදාවේ හිටපු නිලධාරීයෙකු වන කීර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීම මූලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව එම පොලිස් නිලධාරියා කීය.

Read More

විශ්වවිද්‍යාල තුළ මැරයෝ ඉන්න බවට පැතිර යන ප්‍රචාරය සමාජයෙන් ගලවා ගැනීමට නොහැකි වුවහොත් සියයට අනූ පහක් පමණ නිර්දෝෂී සිසුන්ගේ අනාගතයට අභියෝගයක් එල්ල විය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක එළඹෙන 75 වැනි නිදහස් දින උත්සවයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදන ලෙස ඉල්ලීමක් ඇතුළත් ජනාධිපතිවරයාගේ විශේෂ ලිපියක් උන්වහන්සේලාට පිළිගැන්වීය.

Read More

අභිරහස් අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.