ලක්ෂ 32 වැය කරමින් ඉදිකළ වැසිකිලියට වළක් නෑ
බද්දේගම ප්රාදේශීය සභාව මගින් නව බස් නැවතුම් පොළට යාබදව ඉදිකරන ලද වැසිකිළිය සඳහා වැසිකිළි වලක් ඉදිනොකිරීම නිසා වැඩ අවසන් වුවද එය විවෘත කිරීමට තවමත් නොහැකිවී ඇතැයි බද්දේගම ප්රාදේශීය සභාවේ ලේකම් වී. සී. කේ. ජාගොඩ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ පසුගියදා පැවති බද්දේගම ප්රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.බද්දේගම ප්රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඉසුරු දොඩංගොඩ මහතාගේ ප්රධානත්වයෙන් බද්දේගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී සභාපතිවරයා විසින් බද්දේගම ඉදිකරන වැසිකිළියේ ඉදිකිරීම් කටයුතු කෙසේදැය විමසීමේදී ලේකම්වරිය මේ බව හෙළිකලාය.
සභාව විසින් ඒ ආසන්න ස්ථානයක වලක් ඉදිකිරීමට කැණීම් සිදු කළත් අඩි 4 ක් පමණ හාරන විටම ජලය හමුවීම නිසා එම කටයුතු ප්රමාද වී ඇති බවත් ඇති බවත් ඒ සඳහා විකල්පයක් ලෙසකොන්ක්රීට් සිලිංඩරටැංකියක් බස්සවා කඩිනමින් එහි වැඩ නිමකරන බවත් ලේකම්වරිය පැවැසුවාය.
මේ පිළිබඳව බද්දේගම ප්රාදේශීය සභාවේ ලේකම්ගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය පාලන සමයේදී බවත්, තමා අභිනවයෙන් මෙම තනතුරේ වැඩ බාරගන්නා අවස්ථාව වනවිට ඒ සඳහා රුපියල් 3 280 000 මුදලක් වැයකර ඇති බවත්ය.

popular news
-
rani Tuesday, 04 July 2023 10:09 AM
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

