එජාප හිටපු ප්‍රා ස මන්ත්‍රිට මහ දවල් වෙඩි තබයි
සීනිගම සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලාජ් තරංග මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය කියයි.
හිටපු මන්ත්‍රීවරයා සිය මෝටර් රථය අද (17) දහවල් සීනිගම නගර මධයයේ නතර කර තබාගෙන සිටි අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
වෙඩි වැදුණු හිටපු මන්ත්‍රීවරයා වෙඩි කාගෙනම සිය මෝටර් රථයෙන් හික්කඩුව පොලීසියට ගොස් පොලීසියේද මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ද පොලීසිය කියයි.
හිටපු මන්ත්‍රීවරයාගේ උර හිසට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංච් මාර්ග කියයි.
වෙඩි වැදුණු හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයා විදෙස් ගතව සිටින පාතාල නායක රත්ගම විදුර නමැත්තාගේ මස්සිනා කෙනෙකු බවත් මේ වෙඩි තැබීම පාතාලයේ කොන්තාත්තුවක් වන්නට ඇති බවත් පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

