තංගල්ල ප්‍රදේශයේ බැඳිගංතොට ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස පහසුකම් නැංවීමේ වැඩ පිළිවෙළ ඊයේ (17) ආරම්භ විය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති දේශගුණ සුහුරු කෘෂිකාර්මික වැඩ සටහන යටතේ මේ සඳහා අවශ්‍ය මුල්යප්රතිපාදන ලබා දී තිබේ. මෙම වැඩ කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය.
මීට සමගාමීව හම්බන්තොට දශක කිහිපයකින්වත් පිළිසකර නොකළ ග්‍රාමීය වැව් 13ක ප්‍රතිසංස්කරණ කටයුතුද ඊයේ (17) ආරම්භ විය. ඒ අනුව කුඩා නෙරළුගස්වැව, ලුණුවැරණිය වැව, පළුගස්වැව, ගෝනපට්ටියවැව, රුවන්වැව, මලිත්තන්වැව, තඹරාවවැව, රොටවලවැව, බැඳුවැව, පලුදිගන වැව, ලෝලුගස්වැව, හා නිමලව වැව යන වැව් 13 ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ විනි.
මේ සඳහා රජය විසින් වැය කරන මුදල රුපියල් මිලියන 800කි. බැඳිගංතොට කෘෂිව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන යටතේ එම ප්‍රදේශයට අවශ්‍ය ජල සම්පාදනය සඳහා දැනට ප්‍රතිසංස්කරණය කර නොමැති වැව් පද්ධතිය පිළිසකර කිරීම ද ආරම්භ කරනු ලැබීය. ඊට අමතරව ගොවීන්ට අවශ්‍ය කෘෂි උපකරණ බෙදා දීම ද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.
මෙම වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතූ අරඹමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටේ ආර්ථික වශයෙන් අපහසුතා රැසක් තිබුනත් මහජනතාවගේ අවශ්‍යතා සඳහා විශාල මුදලක් රජය විසින් වැය කරන බව පැවැසීය.
