රුසියානු ගුවන් නියමුවාගේ මරණ පරීක්ෂණය ඥාතීන් පැමිණීමෙන් පසුව
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවකු , ඔහු නැවතී සිටි හෝටලයේ ඇද වැටී මිය ගොස් තිබූ අතර ඔහුගේ දේහය පිිිිළිබඳ පශ්චාත් මරණ පරීකෂණය ඔහුගේ ඥාතීන් රුසියාවේ සිට පැමිණෙන තෙක් අත්හිහිටුවා ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධායෙකු පැවසීය.
63 හැවිරිදි Dovgaienko Valerii නැමැති රුසියානු ජාතික සහාය ගුවන් නියමුවා ඉකුත් 06/15 දින රාත්රී 10.00 ට පමණ , ඔවුන් නැවතී සිටි හෝටලයේ කානුවකට ඇද වැටීමෙන් මිය ගොස් තිබුණි.
ඔහු 06/16 දින දහවල් 12.30 ට කටුනායක සිට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය.
මෙසේ මිය ගොස් සිටින සහාය ගුවන් නියමුවාගේ ඥාතීන් වෙත රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවය හරහා සහ ශ්රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඔස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පැමිණ සහභාගී වන ලෙස කටුනායක පොලිසිය මගින් දැනුම් දීමක් කර තිබේ.
ඒ අනුව එම ඥාතීන් පිරිස පැමිණි පසුව , මෙම පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහල් පරිශ්රය තුළ දී සිදු කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

