saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4212 hours ago

LATEST

බිලියනපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ජීවිතක්ෂයට

calendar_today 2023 පෙබ 06 - 08:10 remove_red_eye - 1642  

ඔපෙක්ස් හෝල්ඩින්ග්ස් කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ සංචාරකය නිරත වෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ස්ථාන දෙකකදී සිදුවූ දිය අනතුරු දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. හලාවත, එගොඩවැල්ල, දැදුරු ඔය මෝය කටේ දිය නාමින් සිටි පියා (අවු. 35), ඔහුගේ දියණිය (අවු.6) හා තවත් ඥාති පුතෙක් (අවු 7) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු දුම්බර බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රය තුළදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.

Read More

තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය.

Read More

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම වෙත රජයේ මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරිම තුළින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට පියවර ගනිමින් සිටින බවට පෙනි යන්නේ යැයි කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධා ක්‍රිෂ්ණන් (සජබ) මහතා පැවසිය.

Read More

හිටපු ජනාධිපතිවරයා පාකිස්තාන අධිකරණය මගින් මරණ දඬුවමටද නියම වී සිටි අතර, ඔහුගේ අසනීප තත්ත්වය මත ඔහුට විදෙස්ගත වී ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.

Read More

වසර දහයකට අධික කාලයක් දිඹුලාගල ඓතිහාසික පුල්ලිගොඩ රජමහා විහාරස්ථානයේ සිටී සුනකයෙකු 05 වෙනිදා නවම්පුර පසළොස්වක් පොහෝදා මියයෑමෙන් පසු ඓතිහාසික දිඹුලාගල ආරන්‍ය සේනාසනය අනුනායක අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමියන් ප්‍රමුඛ සිල් සමාදන් වීමට පැමිණි උවැසි, උවැසියන් එම සුනඛයාට පාංශකූලය ලබාදී පින් පමුණුවමින් පෙට්ටියක බහා අවසන් කටයුතු කිරීමේ පුවතක් වාර්තා විය.

Read More

මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂීතයෙ වැටලීමකට ගිය වන සංරක්ෂණ නිළධාරින් පිරිසකට පහර දී රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධව බිංගිරිය ප්‍රාදේශීය සභාවට තරග වදින ස්වාධින කණ්ඩායමක කණ්ඩායම් නායකයා හා ඔහුගේ සොහොයුරා මාදම්පේ පොලිසිය මගින් 5 දින දහවල් අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

මුන්දලම සින්නපාඩුවේ මාදැලකට කොටු වු මිනිමුතු මෝරේකු ධීවරයින් විසින් 5 දින නැවත මුහුදට යැවිමට කටයුතු කර තිබු බව කියයි.

Read More

පොළොන්නරුවට ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාන් දොරටු දහයම විවෘත කිරීමට අද පියවර ගැනිණි.

Read More

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි.

Read More

තම බිරිඳ රැගෙන පලාගිය බවට සැකකරන තරුණයෙකුගේ මව පැහැරගෙන විත් ඝාතනය කර ඇඹිලිපිටිය නව නගරයේ මහ පාරක් අද්දර දැමුවේ යැයි සැකකරන කොත්තු කඩ හිමියෙක් සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනෙක් සොයා ඇඹිලිපිටිය සහ සූරියවැව පොලිසි පරීක්‍ෂණ ආරම්භ කරයි.

Read More

ලෝකයට පෙන්වීමට නිදහස සැමරීමේදී රණ විරුවන් පුටු වල වාඩි කර ප්‍රභූන් ආචාර පෙළපාලි ගියානම් වටින බව ප්‍රකට මෝටර් රේසිං ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු මේ බව සඳහන් කරයි.

Read More

ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (5දා) පෙරවරුවේ පැවසීය. මෙම නව මිල සංශෝධනය සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4743 ක් දක්වා ඉහළ ගියේය.

Read More

ලිට්‍රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඊෙය් (04) දින සිට වෙලදසැල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

නවම් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් වල නියැළීමට අද (05දා) අති විශාල ජනකායක් අනුරාධපුර සිද්ධස්ථාන වෙත ඇදී ආහ. මේ රුවන්මැලි මහ සෑ පුද බිමෙහි පිංකම් වල නියැළි පිරිසෙන් කොටසකි.

Read More

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම එළැඹෙන 13දා දින සිට 22දා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊට අමතරව එම ව්‍යාපාරවල පැවැත්මට හානිදායක විය හැකි බදු පිළිබඳ මැද කාලීන වෙනස්කම් සිදු කිරීමට ද සූදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ. වාණිජ මණ්ඩල නියෝජිතයන් පිරිසක් සමග පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

Read More

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

පාකිස්තාන කණ්ඩායහෙම් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා අෆ්රිඩි සමග පෙබරවාරි 4 වැනිදා කරච්චියේදී විවාහ දිවියට පිවිසුණේය.

Read More

අපනයන කෘෂි බෝග හෙවත් කුළු බඩු අපනයනය මගින් 2022 වසරෙදී ඇමරිකානු ඩොලර් මිලියන 455.73 ක් හෙවත් රුපියල් කෝටි 16,000 කට වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

Read More

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

Read More

’’ අපි මුල ඉදලාම වරද්දා ගත්තා ඒ් වරද නිවැරදි කරන්න උත්සාහ ගත්තා. වෙහෙසවීම් කළා. ඒ් ත් සියයට 100ක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නෑ’’

Read More

පොලිස් අධිකරීවරුන් පස්දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හදිසි රාජකාරී අවශ්‍යතාවය මත මෙත ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

Read More

75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

Read More

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැනගිය පුද්ගලයෙකු පල්ලෙකැලේ රයිපල්ගෝ යුධ හමුදා කදවුර අසළ මහවැලි ගඟේ දිගේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස සමරන මෙම අවස්ථාව අතිශය තීරණාත්මක කාලසීමාවක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් සඳහන කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.