saravita-anim2

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 4144 hours ago

LATEST

රුසියාවේ තවත් ගුවන් සේවාවක් ලංකාවට එයි

calendar_today 2022 දෙසැ 27 - 08:55 remove_red_eye - 387  

රුසියාවේ තවත් ගුවන් සේවාවක් වන රෙඩ් වින්ග්ස් ගුවන් සේවාව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව මත්තල ගුවන් තොටුපොල වෙත මෙම ගුවන් සේවාවේ ගුවන් ගමන් එළැඹෙන 28 දා සිට ආරම්භ කිරිමට නියමිත බව රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පවසයි.

අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි.

Read More

පැහැරගෙන විත් කිසියම් ස්ථානයක දී කපා කොටා වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කඩුවෙල වැලිපිල්ලාව බෝධිය අසල දමා ගොස් තිබියදී අද (26) අළුයම රෝහල් ගතකර ඇතැයි කඩුවෙල පොලිසිය කියයි

Read More

පුත්තලම නගරයෙ පිහිටි පාලවිය සමෘද්ධි බැංකු ශාඛාවට කඩා වැදි ඇති සොරුන් පිරිසක් එහි මුදල් හා වටිනා ලිපි ද්‍රව්‍ය තැම්පත් කර තිබූ විශාල සෙප්පුව රැගෙන යාමට උත්සහ කර ඇතත් එය නොහැකි වු තැන මාර්ගය අසල කානුවකට දමා ගොස් තිබියදී සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලීසිය (26දා) පැවසිය.

Read More

මහනුවර ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය හේතුවෙන්ම හනුවර දිස්ත්‍රික්කයේ නිවාස 97 කට හානි සිදුව පවුල් 322 කට අයත් පුද්ගලයන් හා 1630 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදාකළමනාකරණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ප්‍රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් දෙනු ලැබීය.

Read More

හඩ කැවීම් ශිල්පි ඩිලාන් සේනානායකට පිහිවලින් ඇන බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධව සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද (26දා) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

Read More

වීන විද්‍යා ඇකඩමියේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන තානාපති කාර්යාලය පවසන්නේ වායු දූෂණය සම්බන්ධයෙන් සටන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දෙපාර්ශ්වය අතර සහයොගීතාව වර්ධනය කිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එසේම පසුගිය වසර හතක කාලය තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් ශ්‍රී ලංකාාවේ ආචාර්ය උපාධි අපේක්ෂකයන් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 34කට පරිසරය

Read More

එම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහසට පැමිණ ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් අනාවරණය කළේය.

Read More

මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයින් හට බිත්තර ලබා දීම සඳහා අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීය.

Read More

සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

තම පවුල හැරගොස් වසර ගණනක් අනියම් සැමියකු සමග වාසය කළ වරදට මියගිය මවගේ මෘතදේහය භාරගැනීමට නොහැකි බව පවසමින් රෝහලෙන් පිටව ගිය දියණියක් සම්බන්ධයෙන් පුවතක් හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ.

Read More

එලවලු තෙල් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 5 දශම 1 කහතුඩුව ප්‍රදේශයේ දී පෙරළී සිදු වූ අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ තෙල් ගලා ගොස් වාහන ධාවනයට තරමක බාධා ඇති විය.

Read More

යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා අද (26දා) ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට සේන්දු විය.

Read More

දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුල රුපියල් කෝටි දෙදහසකට වැඩි අලාභයක් ලබා ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

Read More

ආසියානු කුසලාන කනිෂ්ණිෂ්ඨ හොකී තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන කණ්ඩායමට ගම්න් වියදම් තමන් විසින් උපයා ගත යුතු බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය ක්‍රීඩකයන්ට දැනුම් දීමත් සමඟ ගමන් වියදම් ලෙස ලක්ෂ අසු එකක මුදලක් ක්‍රිඩකයන් විසින් ගෙවීමට තීරණය කිරීම නිසා දෙමව්පියෝ හා ක්‍රීඩකයෝ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දෙමාපියෝ පවසති.

Read More

මහියංගනය පොලීසියේ සේවයකරන පොලිස් කොස්තාපල්වරයෙකු තම යතුරුපැදිය බිබිල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවස ඉදිරිපිට නතරකොට තිබියදී කිසියම් අයෙකු විසින් ඉකුත් (23දා) වෙනිදා එය සොරාගෙන ගොස් ඇත.

Read More

මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාරි මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

2004 වර්ෂයේ ඇති වු සුනාමි ඛේදවාචකයට අද (26දා) අවුරුදු 18ක් සම්පූර්ණ විය. මෙම ඛේදවාචකයෙන් මියගිය හා අතුරුදන් වූ පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9.25ට දිවයින පුරා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

Read More

ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්වෙරිකුලම් ප්‍රදේශයේදි විදුලි සැර වද්දා අලියෙකු මරා දැමු පුද්ගලයෙකු ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව වනජවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ පොලිස් නිලදාරින් දෙදෙනෙකුට පහරදී පලාගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, සීසීටීවී දර්ශන 70ක පමණ දර්ශන පරීක්ෂාවට ලක්කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය පිළිබඳව පැති කීපයකින් විමර්ශන පවත්වාගෙන යන බවත්

Read More

විදේශ රටක සිට තැපැල් මගින් මෙරටට එවා තිබූ සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 367ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ සහ පත්තිනි දේවාලයේ තැන්පත් කර තිබූ කතරගම දෙවියන්ගෙ පිත්තල පිළිම, දේවාභරණ ඇතුළු භාණ්ඩ සොරකම් කරනු ලැබූ බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

“අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය කිරීමට උත්සාහ කරනවා” යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.

Read More

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.

Read More

මහනුවර ප්‍රදේශයට ඊයේ (25) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු කාර්යාලයේ ගබඩා කොට තිබු පාසල් පෙළපොත් සහ ලිපි ලේඛණ රැසක් ජලයෙන් යටවිය.

Read More

මධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන වර්ෂා තත්ත්වය හමුවේ බෝවතැන්න ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි හෙයින් විවිටන් විට අඹන් ගගට ජලය මුදා හැරෙන බව බෝවතැන්න ජලාශ භාර ඉන්ජිනේරු බුද්ධ නවරත්න මහතා කියයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.