වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතාගෙන් ඉල්ලා සිටියේය.
ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි (Suga Katsukai) මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද දින (2023.07.21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යතුමා විසින් මෙම ඉල්ලීම සිදුකරන ලදී.
ඒ සඳහා නියෝජිත පිරිස යහපත් ප්‍රතිචාර දැක්වු අතර, ශ්‍රි ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහලින් අගය කරන බවද ප්‍රකාශ කළහ.
ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ IRO ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.