saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4105 hours ago

LATEST

කාන්තා විස්සයි විස්ස කිරුළ හයවැනි වරටත් ඔස්ට්‍රේලියාවට

calendar_today 2023 පෙබ 26 - 22:30 remove_red_eye - 341  

සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින් මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය..

පික් මී කුලී රථ සේවාව ඔස්සේ මෝටර් රථයක් ගෙන්වා ගෙන මිරිස්සට යාමට සැලසුම් කල ජර්මන් ජාතික කාන්තාවන් තිදෙනෙකුට ඒ සදහා ඉඩ ලබා නොදී සාපරාධී බලහත් කාරය පාමින් රුපියල් 500 ක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන මාතර නගරයේ ත්‍රීරෝද රථ ගාලක රියදුරෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය තමන් පිළි නොගන්නා බවත් නියමිත ආකාරයට එම මැතිවරණය පවත්වා ජනාධිපතිවරයාගේ පක්ෂයට රටේ තිබෙන සැබෑ තත්වය තේරුම්ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

Read More

අද ඇත්තල යුගලය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස දිගල වලව් පරම්පරාවේ සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා මහත්තුරුන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඇත්දළ යුගලයට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.

Read More

ජාතික ජනබලවේගයේ විරෝධතා රැලියට සහභාගි වූ 20 ක පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

Read More

2000 දශකයේ මුල් භාගයේ සිට ජාතික විදුලිබල පද්ධතියට විදුලිය අලෙවි කරන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) 2021 මාර්තු වන විට රුපියල් බිලියන 14.8 ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර එය එහි මූලික ආයෝජනය මෙන් සියයට 855 ක වර්ධනයකි.

Read More

පළාත් සභා මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කළ සියලු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට අනිවාර්යයෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

HASS නැමැති අලිගැටපේර විශේෂය ශ්‍රී ලංකාව තුළ කෘෂිකාර්මික වගාවක් ලෙස පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කටයුතු කරයි.

Read More

අනවසර විදුලි රැහැනක් භාවිතා කරමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අයෙකු අත්අඩංගුවට ගැනිමට අම්බලන්තොට පොලිසිය සමත්වී ඇත.

Read More

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් රටේ පවතින බඩුමිල ඇතුලු ජනතාව පීඩාවට පත්කරන සියලුම ක්‍රියාවන් හෙළාදකිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විය.

Read More

මැතිවරණය පැවැත්වීමට ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

වැඩි වශයෙන් ආයෝජන ආකර්ශණය කර ගැනීම හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩි බලතල සහිත ආයතනයක් බවට පත් කරන්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

Read More

පසුගිය වසරේ මාර්තු 31 සහ මැයි 9 වැනි දින ඇතිවූ සිදුවීමලට අදාළව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) සහ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විශේෂිත විමර්ශන ඒකකයක් මගින් තවදුරටත් විමර්ශනය කළ යුතුය යන්න ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය බුද්ධි අංශවල මෙම කාලසීමාව තුළ සිදු වූ අතපසුවීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ විමර්ශනය (BOI) නිර්දේශ කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිවේදනය කරයි.

Read More

වෘත්තීයවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති 40ක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවේදී බදු සහන ලබා දෙන වෘත්තීය සමති මගින් ඉදිරිපත් වූ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර රුපියල් 30ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදීමට හැකිවුන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු‍ පිරිසකට අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍ර දේශ රැසකට ඇතුළුවීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

දුම්රිය දෙපාර්තුමේන්තුව සතු දැනට භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර දුම්රිය දෙපාර්තුමේන්තුවට මගි ආදායමට අමතරව එම ව්‍යාපෘතිය තුලින් ආදායම් ඉපැයිමේ ක්‍රමවේදයක් සකස් කරන බව දුම්රිය සමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්.ගුණසිංහ මහතා පැවසිය.

Read More

මිනීමැරුම් 19 ක් සිදු කර ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත පළා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී ඊයේ (25දා) අලුයම එයින් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

අධික ලෙස ඉහළ ගොස් ඇති විදුලි බිල තම බේකරි කර්මාන්තයට දැඩිව බල පෑ ඇති බවත් එය පාරිභෝගික ජනතාව මත පැටවිය නොහැකි නිසා බයිසිකලයේ ඩයිනමෝවෙන් විදුලිය ලබාගෙන ජනතාවට සේවය සලසන බවත් දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.

Read More

රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. යුද්ධයට මුහුණ දෙන අතරම 2004 සුනාමි ව්‍යසනයේදීත්, ගංවතුර සමයේදීත්, කොවිඩ් 19 සමයේදීත් හමුදා වෛද්‍ය බලකාය ඉටු කළ සේවය තුළින් ඔවුන්ට හමුදා මෙන්ම සිවිල් ක්ෂේත්‍රයෙහිත් අත්දැකීම් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

මාර්තු 9 වැනිදා පෙර සැලසුම් කළ පරිදි මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන නව දිනය කොමිෂම විසින් මාර්තු 3 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ

Read More

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබේ.

Read More

පසුගිය වසරේ මැයි, ජුනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසු සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බවත් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

හෝමාගම පනාගොඩ යුද හමුදා කදවුර තුළදී සිය ගිනි අවියෙන් නිකට හරහා හිසට වෙඩි තබාගෙන සාමාන්‍ය සෙබළකු අද (24) දා දිවි හානි කරගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.