කිලිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වෑළදැමුවේ යැයි කිය රත්තරන් හා ආයුධ තොගයක් සොයා ඊයේ (21) දින කිලිනොච්චිය පොලීසිය විසින් කැනීමක් සිදු කළද කිසිවක් හමු නොවීය.
තිරුනගර් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක කොටි සංවිධානය විසින් රත්තරන් වල දමා ඇති බවට කිලිනොච්චිය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටී.ජෙගනාදන් මහත්මිය ඉදිරියයේදී කැනීම සිදු කරන ලදි.
අදාළ ස්ථානයේ පැය තුනක පමණ කාලයක් පස් කපන යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කැනීම් සිදු කළ ද කිසිවක් හමු නෙවීම නිසාවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබීය.
කැනීමේ අවස්ථාවට පුරාවිද්‍යා නිලධාරීන් ,ග්‍රාමසේවා නිලධාරී මෙන්ම පොලීස් නිලධාරීන් මෙන්ම යුද හමුදාවද එක්ව සිටියහ.

