හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය කිරීමේ ව්‍යාපෘතිය මාර්තු 01 දා ඉතා සාර්ථකව ආරම්භ කළ බව මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක නාලක දිසානායක මහතා පැවසීය.
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය දක්වමින් අද දිනයේ පවත්වන වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකුද එක්ව තිබේ. එම බැංකුවල සභාපතිවරුන් ඊයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකු එක්නොවන බවත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බවත්ය.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධිමාත්‍රාවක් ගෙන සියදිවි හානි කරගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.
Read Moreහෙට දිනයේ දී ද උපරිම මහජන සේවාවක් වෙනුවෙන් බැංකු ක්‍රියාත්මකයි- මහජන සහ ලංකා බැංකු සභාපතිවරු අවධාරණය කරති සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කළහ.
Read Moreමහ බැංකු බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය අද (28දා) තීරණය කළේය.
Read Moreපළාත් පාලන මැතිවරණය නියමිත දිනට නොපැවැත්වීම අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 14 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දින නියම කළේය.
Read Moreවවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වනඅලි හතරදෙනකු බේරා ගැනීමට ඊයේ (27) සවස වවුනියාව වනජිවි නිළධාරීන් පියවර ගනු ලැබීය.
Read Moreමේ රටේ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතබන බවත් ප්‍රචණ්ඩත්වයට තම පක්ෂය කැඳවාගෙන යන්න උත්සාහ කළ ද ඉවසීමෙන් යුතුව කටයුතු කරන බවත් මහපෙළොත් තෙත් වෙනකම් ලේ හැලි තිබෙන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.එසේම ගංගා පිටාර ගලන තුරු කඳුළු සලා ඇති බවත් කිසිඳු ප්‍රචණ්ඩත්වයකින් තොරව ජයග්‍රහණය කරා රට මෙහෙයවන බවත් ඔහු පැවැසීය.
Read Moreතොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය අද (28දා) නියෝගයක් ලබාදෙමින් සඳහන් කළේය.
Read Moreයාපනය මහ නගර සභාව සඳහා අභිනවයෙන් පත්වූ නගරාධිපති එමානුවෙල් ආර්නොල්ඩ් මහතා 2023 වර්ෂය සඳහා දෙවනවර සංශෝධන සහිතව මහනගර සභාව වෙත ඉදිරිපත් කළ අයවැය ජන්ද හයකින් අද (28) දින පරාජයට පත්වීමත් සමඟ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නගරාධිපතිවරයා නිවේදනය කළේය.
Read Moreලේ සුවඳට ඉව ඇල්ලූ අයගේ පළමු දඩයම ලෙස අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ජීවිතය අහිමි වී ඇති බව 43 සේනාංකය පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ එම සිදුවීම පැහැදිලිවම ඝාතනයක් බවය.
Read Moreදකුණුදිග තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ හානිය ඇ.ඩො.බිලියන 34ක් බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබේ.
Read Moreඉන්දීය ක්‍රිකට් ආයතනය පළමුවරට පවත්වනු ලබන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායිකාව ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මූනි නම් කර ඇත.
Read Moreරුපියල් දහසය කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය තරුණියක් 02/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreහෙට (01දා) දිනයේදී නැගෙනහිර හා ඌව පලාත්වලට විටින් විට වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා අද දින (28) රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ජාතික හදබිම අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹුනහ.
Read Moreගුවන්යානා සඳහා වන ජෙට් A-1 ඉන්ධන ආනයනයට පුද්ගලික අංශයටද අවසර ලබාදීමට තීරණය කළ බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඉන්ධන ආනයනයට වසරකට ඇ.ඩො බිලියන 5ත් 6 ක් අතර මුදලක් වැය වන බව ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ විදුලිය නිශ්පාදනයට න්‍යෂ්ඨික බලශක්තිය භාවිතා කිරීම පිළිබඳ කමිටුවක් පත් කර ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ ‘sight for all’ ප්‍රජා ව්‍යාපෘති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර අක්ෂි ශල්‍යෙවෙද්‍ය උපකරණ පරිත්‍යාගයක් සඳහා වන ගිවිසුමකට එළමී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන භාණ්ඩ සඳහා පවත්වන පරීක්ෂණ විධිමත් කිරීමට කැබිනට් අනුකාරක සභාවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreපල්ලේගම සිරිනිවාස නාහිමියන් අටමස්ථනාධිපති ධුරය දරමින් සිටියදී පරිහරණයකළ අනුරාධපුර අටමස්ථානයට අයත් අධි සුඛෝපභෝගී ජීප්රථ දෙකක් සහ මෝටර් රථයක් සම්බන්ධයෙන් වන සිදුවීමේ විධිමත් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතාඅනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඊයේ (27දා) නියෝග කළේය.
Read Moreටෙස්ට් පිටියේදී කණ්ඩායමක් අවම ලකුණු පරතරයකින් වාර්තා කළ ජයග්‍රහණයේ වාර්තාව සම කිරීමට නවසීලන්තය සමත්විය.
Read Moreවරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreමැතිවරණයක් ප්‍රකාශයටපත් වී තිබෙන නිසා පෙළපාලි පැවැත්වීම තහනම් බවත්, පොලිස් ආඥාපනතට අනුව පෙළපාලියක් පවත්වනු ලබනවානම් අදාළ බලප්‍රදේශයේ පොලිස්ස්ථානවලට පැය 06ක පෙර දැනුම්දිය යුතු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreවරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ .
Read Moreපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමට මැදිහත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව යොමුකළ ලිපිය සම්බන්ධයෙන් විපක්ෂය සමග සාකච්ඡා කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.
Read Moreඅවේලාවේ නේවාසිකාගාරයෙන් පිටතට යාමට නොදීමේ සිද්ධියක් මුල්කරගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් එහි උපශාලාධිපතිවරයාට, ඔහුගේ බිරිදට හා නැන්දම්මාට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් එම පීඨය අද (27) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කල බව පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ මහතා පැවසීය.
Read Moreචීනයට උතුරු මුහුද විකිණීමට යන ප්‍රචාරයන් මෙන්ම ඉන්දියානු ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් බෑමට ඉඩදෙන බවට වන ප්‍රචාරය කරමින් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රකාශ කරමින් සිටින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
Read More