2024 ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල්
එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින සියලුම දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පවුලේ පක්ෂයක් නොවන බවත් කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ හැත්තෑ හත් වෙනි විශේෂ සම්මේලනය අමතමිනි.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පැවති මෙම සම්මේලනයේ පිළිගැනීමේ කතාව සිදු කරමින් හිටපු අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කර සිටියා.
"රටේ ආර්ථිකය වගේම ජනතාවගේ ආර්ථිකයත් පහත වැටුණු හැම අවස්ථාවකම යළිත් නඟා සිටුවීමේ කාර්යභාරය හැම අවස්ථාවකම සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයයි.
යූඇම්පී කියන්නේ හැමදාමත් ඇත්ත කියපු පක්ෂයක්. දුරදිග දැකපු පක්ෂයක්. නිවැරදි දේ හරි ආකාරව කියපු පක්ෂයක්. අමිහිරි වුවත් ජනප්‍රිය දේශපාලනයෙන් බැහැර වූ පක්ෂයක්.
UNP කියන්නේ රට හදන පක්ෂයක්. අපට මහවැලි වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්,වරායවල්, මහපොළ,ගෙවල්,වෙළඳ කලාප,කර්මාන්තපුර, නව තාක්ෂණය ආදී විශේෂ දේවල් රටට හඳුන්වා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.
2015 රට වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා එවක අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ වගේම 2022 රට බංකොලොත් වුන අවස්ථාවේ යලි රට ඔසවා තැබීමේ භාරදූර කාර්යභාරය පැවරුණේ එක්සත් ජාතික පක්ෂ නායකයාටයි.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදෙනාම එකතු කරන්න පුළුවන් පක්ෂයක්. වර්තමානයේ විපක්ෂය සුරංගනා කතා කියන්න පුළුවන් විවිධ බිල්ලො මවන්න පුළුවන්,අන්තවාදය වපුරන්න පුළුවන්,මෙවැනි නොමඟ යවන ක්‍රියා සිදු කළත් හැමදාමත් එක්සත් ජාතික පක්ෂය වට්ටන්න පුළුවන් වුණේ නෑ.
මේ රටේ වැටුණු ආර්ථිකය නඟා සිටුවන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට බව අපි 2015 වර්ෂයේදී ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නලා දුන්නා. එවක මුදල් ඇමැතිවරයා වශයෙන් මම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිදු කරනු ලැබුවා.
රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 10000 කින් වැඩිකිරීමටත්, ගෑස් ඉන්ධන සහ ජනතාවගේ අත්‍යවශ්‍ය ජීවන වියදම පහත හෙලීමට අපට හැකි වුණා.
ඒ වගේම තමයි අපි නව තාක්ෂණය රටට හඳුන්වලා රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ 2015 වර්ෂයේ දී. නමුත් ඇතැම් අයගේ බාධා නිසා එය කඩාකප්පල් වුණා.යහපාලන ආණ්ඩුව අමාරුවෙන් හදපු රටේ ආර්ථිකය යළි 2022දී බංකොලොත් භාවයට පත් කළා."
popular news
-
LGPJ Tuesday, 24 October 2023 01:09 AM
Is that naked. candidate for the coming presidential election ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

