නැවත දැනුම් දෙන තුරු රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනකම රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම්කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති දැනුම් දෙයි.
Read Moreපසුගිය වසර එකොළහකුත් මාස හතරක කාලය තුලදි (2014 වර්ෂයේ සිට 2025 අප්‍රේල් මස 30) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්දයෙන් පැමිණිලි 107,663ක් ලැබි තිබු අතර ඉන් පැමිණිලි 46,813ක් එනම් සියයට 43ක් තවදුරටත් විමර්ශනය කරමින් පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreඅද දිනය ආරම්භ යේදී ආසියාවේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. ඒ් අනුව බ්‍රෙන්ට් බැරලයක් 2.8% කින් ඉහළ ගොස් ඩොලර් 103.08 (£77.50) දක්වා ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපද බොරතෙල් බැරලයක් 3% කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25 දක්වා ඉහළ ගියේය.
Read Moreශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන දැනුවත් කිරීමයි යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල හුවමාරු වන පළකිරීම පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඅඟහරුවාදා දින අලුයම් කාලයේදී තාවකාලිකව වසා දැමීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමනාගමන මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreඉරානයෙන් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශඉරානයෙන් පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන වලට ප්‍රතිචාර දක්වමින් සිටින බව රොයිටර් වාර්තා කරයි.
Read Moreමැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ඉන්ධන සැපයුම් ගැටලුවට මුහුණදීම සඳහා, නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
Read Moreඉන්ධන සඳහා අවසරය දෙන ජාතික පද්ධතියට (QR කේතය) ප්‍රවේශය ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක සහ මාර්ගගත පණිවිඩ සේවාවල වංචනික අන්දමින් සැකසූ ව්‍යාජ වෙබ් ලිපිනයක් (URL) දැනට සංසරණය වන බව Sri Lanka CERT මහජනතාවට දැනුම් දෙයි.
Read Moreඇමෙරිකා හා ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි බරපතල තුවාල ලබා ඇති බවත්, සැත්කමක් සඳහා රුසියාවට ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර වෙරළ තීරයේ ෆුජයිරා හි විශාල තෙල් කාර්මික ප්‍රදේශයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් ඇති වී ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් පවසා තිබේ.
Read Moreඉන්ධන ලබා දීමේදී රජය විසින් ක්‍රියාත්මක කර ඇති කිව්.ආර්. ක්‍රමය යටතේ යතුරුපැදියක් සඳහා උපරිම වශයෙන් ලීටර් පහක් පමණක් ලබා දීමට ගෙන ඇති තිරණය නිසා මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ලක්ෂ 25 ක් පමණ වන සේවකයින් දැඩි අපහසුතාවයට පත්වන බැවින් යතුරුපැදි සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය අවම වශයෙන් ලීටර් 10 දක්වා වැඩි කරන ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.
Read More’’ඩ්‍රෝන යානා ආශ්‍රිත සිදුවීමක්’’ නිසා ඉන්ධන ටැංකියකට හානි වීමෙන් ඇතිවූ වූ ගින්නකින් පසු, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව බලධාරීන් නිවේදනය කළේය.
Read Moreසිවිල් ජනතාවට සෘජු තර්ජනයක් වන මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි ඕනෑම ප්‍රහාරයක් හෙළා දකින බවත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය දැනුම් දෙයි.
Read Moreඉරාන යුද්ධයට අදාළ ආරක්ෂක ගැටළු හේතුවෙන් බහරේනයේ සහ සෞදි අරාබියේ අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ෆෝමුයුලා වන් තරග නොපැවැත්වෙන බව ෆෝමියුලා 1 පාලනාධිකාරිය පවසයි.
Read Moreඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.
Read Moreදික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 123 ක් තිබූ බව අනාවරණය වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
Read Moreඉරානය සමඟ සෘජු සාකච්ඡා මගින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නැව් ගමන් කරවීමට හැකි වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පවසයි.
Read Moreඅද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවත් එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
Read Moreඉන්ධන පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත්, ඉන්ධන හිඟයක් හෝ සැපයුමේ බාධාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ රාජකරුණා මහතා පැවසීය.
Read Moreරුපියල් එක් කෝටි හැට අට ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සම පැහැපත් කිරිමට යොදා ගන්නා ’’ කොලැජන් ’’ ( Pink Gluta Collagen ) සහ ’’ විටමින් සී ’’ පෙති තොගයක් ද නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 03/16 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහ
Read Moreතම දියණියගේ සැමියා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමෙන් උපයා ගන්නා ලද රන් භාණ්ඩ අලෙවි කිරීමට උපකාර කළ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පවුම් 360කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් විකිණීමට මෙම සැකකාරිය උපකාර කර තිබේ.
Read Moreඅහුන්ගල්ල, ඌරගහ මහා මාර්ගයේ අහුන්ගල්ලේදී ඊයේ(15)පස්වරුවේදී පාසල් සිසුවෙකු පැදවූ යතුරු පැදියක ගැටී පුද්ගලයකු මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය කියයි.මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල ප්‍ර දේශයේම පදිංචි පනස්අට හැවිරිදි අයෙක් බවද පොලීය කියයි.
Read Moreඅපිට ණය ගන්න පුළුවන් නමුත් රටේ ආර්ථිකය ණය අරගෙන කඩාවට්ටන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.
Read Moreමැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreතරුණියකගේ නිරුවත් විඩියෝ පටයක් වට්ඇප් මගින් වෙනත් අයවලුන්ට බෙදාහැරි හා එම විඩියෝ පටය ලඟ තබා ගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු පීඨයක සහ කාර්මික විද්‍යාලයක අධයාපන හදාරන සිසුන් දෙදෙනෙක් අද (15) අම්බලන්ගොඩ තිලකපුරදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය කියයි.අදාළ තරුණියගේ ඥාතීන් විසින් සිය ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව එම අංශය කියයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බහලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා අතර හදිසි හමුවක් අමාත්‍යංශයේ දී පැවැත්විණි. ඒ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස රුසියානු තෙල් මිල දී ගැනීමට අවසර දෙමින් සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ ය.
Read Moreමාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයකට ඉතාමත් භයානක බවත්, සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාහැරීමට පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Read More