ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.
ඒ අනුව හෙට (17) දිනයේ නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අද (16) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ඈපා පංචාංග ලිත් කතෘ, තිරසර පංචාංග ලිත් කතෘ සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් තමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම අවසන් එකඟතාවයට පැමිණි බවයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2024 වසරේදී 'රාජ්‍ය නැකැත් කමිටුව' විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත්කර නැහැ.