ඉරාන යුද්ධයට අදාළ ආරක්ෂක ගැටළු හේතුවෙන් බහරේනයේ සහ සෞදි අරාබියේ අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ෆෝමුයුලා වන් තරග නොපැවැත්වෙන බව ෆෝමියුලා 1 පාලනාධිකාරිය පවසයි.
චීන ෆෝමියුලා වන් තරගයට පෙරාතුව ෂැංහයිහිදී එම පාලනාධිකාරිය මෙම නිවේදනය නිකුත් කළේය.
"මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හේතුවෙන්, බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරඟ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන්නේ නැත," F1 පැවසීය. "විකල්ප කිහිපයක් සලකා බැලූ නමුත්, අප්‍රේල් මාසයේදී ආදේශක තරග සිදු නොකරන බවට අවසානයේ තීරණය විය."