යතුරුපැදියට පෙට්රල් ලීටර් 10ක් ඉල්ලයි
ඉන්ධන ලබා දීමේදී රජය විසින් ක්රියාත්මක කර ඇති කිව්.ආර්. ක්රමය යටතේ යතුරුපැදියක් සඳහා උපරිම වශයෙන් ලීටර් පහක් පමණක් ලබා දීමට ගෙන ඇති තිරණය නිසා මෙරට රාජ්ය සහ පෞද්ගලික අංශයේ ලක්ෂ 25 ක් පමණ වන සේවකයින් දැඩි අපහසුතාවයට පත්වන බැවින් යතුරුපැදි සඳහා ලබා දෙන ඉන්ධන ප්රමාණය අවම වශයෙන් ලීටර් 10 දක්වා වැඩි කරන ලෙස රාජ්ය, පළාත් රාජ්ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.
එම සමිති සම්මේලනයේ ප්රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා විසින් අද (16) වනදා ජනාධිපති අනුර කුමාර දිසිනායක මහතා වෙත ලිඛිතව මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම සිදු කර තිබේ.
"රාජ්ය අංශයේ සහ පෞද්ගලික අංශයේ බහුතරයක් සේවයට වාර්තා කිරිම සඳහා භාවිතා කරන්නේ යතුරුපැදිය බවත්, රාජ්ය සේවකයින් සතියකට දින පහක් සහ පෞද්ගලික අංශයේ සේවකයින් සතියකට දින හයක් සේවයට වාර්තා කළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි. නමුත් රජය විසින් යතුරුපැදි සඳහා සතියකට පෙට්රල් ලීටර් පහක් පමණක් ලබා දීමට ගෙන ඇති තිරණය අනුව රාජ්ය සේවකයින්ට දිනකට ලීටර් එකක් සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දිනකට ලීටර් 0.8 ක් පමණක් ලැබෙන බවයි. මෙම ප්රමාණය තම සේවා ස්ථානය සඳහා වාර්තා කිරීමට කිසිසේත්ම ප්රමාණවත් නොමැති බවද ඔහු සඳහන් කරයි.
මේ වන විට රජයේ සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ලක්ෂ 25 කට වැඩි ප්රමාණයක් යතුරුපැදි භාවිතා කරන බවත් ඔවුන් සේවයට වාර්තා කිරීමේදී අපහසුතාවයට පත් නොකර යතුරු පැදි සඳහා දැනට නිකුත් කරනු ලබන ලීටර් පහක ඉන්ධන ප්රමාණය ලීටර් 10 දක්වා වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ප්රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා ඉල්ලා සිටියි.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

