නැවත දැනුම් දෙන තුරු රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනකම රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒසේම මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසල් සඳහා ද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුර තොරතුරු සඳහන් කරයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය