සෑම බදාදා දිනයක්ම නිවාඩු දිනයක් වෙයි
මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ඉන්ධන සැපයුම් ගැටලුවට මුහුණදීම සඳහා, නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
අද (16) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
තවද, වැඩකරන සතියේ ඉතිරි දින හතර තුළ සේවා ස්ථානවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට බලය ලබා දී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව සෑම සතියේ දිනම බදාදා රජයේ නිවාඩු දිනයක් වන අතර සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව යන ආයතනවලට එම නිවාඩුව බලනොපැවැත්වෙන බවත් පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ආයතනවලට බදාදා නිවාඩුව හිමිවන බවත් ඒ මහතා කීය.
සෙනසුරාදා සහ ඉරිදා යන දින රාජ්‍ය සේවයේ නිවාඩු දිනයන් වීම නිසා ඉදිරියේදී මුහුණදීමට සිදුවන තත්වය පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාව ලැබෙන බවත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
මෙහිදී ඔහු සඳහන් කළ කරුණු කිහිපයක් කෙටියෙන්..
සියලුම රාජ්‍ය උත්සව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවයි.
බදාදා නිවාඩුව වාණිජ මණ්ඩලය සහ ලංකා සේව්‍ය සම්මේලනය හරහා පෞද්ගලික අංශයටත් අදාල කරගැනීමට ඉල්ලීමක්
දැනට ක්‍රියාත්මක කර ඇති කිව්ආර් ඉන්ධන ප්‍රමාණයන් පොදුවේ නිකුත් කර ඇති ප්‍රමාණයක් වන අතර සංචාරක, කර්මාන්ත සෞඛ්‍ය, කෘෂිකර්මය සහ වැලිකර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධණ ප්‍රමාණයන් ගණනය කර නිවේදනය කරයි...
අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව කමිටු 4 ක් පත්කර තිබේ...
රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්..
බලශක්ති කමිටුව විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්....
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සහ අධීක්ෂණය කිරීම සදහා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්....
විවිධ සමාජ ස්ථරවලට සුබසාධනය සැපයීම සඳහා උපාලි පන්නිලගේ අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් .....
පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට බදාදා දිනයේ නිවාඩු දීම හේතුවෙන් සූම් තාක්ෂණයෙන් ඉගැන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා....
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පවරා තිබේ.....
යම් දුරට විභාග යම් ආකාරයක දින වකවානු තිබුණාට වඩා කල් යෑමට ඉඩ තිබේ.....
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

