ඉරානය සමඟ සෘජු සාකච්ඡා මගින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නැව් ගමන් කරවීමට හැකි වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පවසයි.
ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජයශංකර් පවසන්නේ නවදිල්ලිය සහ ටෙහෙරානය අතර සාකච්ඡා මගින් සෙනසුරාදා ඉන්දියානු ධජය සහිත ගෑස් නැව් දෙකක් උපායමාර්ගික ජල මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ලබා ගත් බවයි.
ඉන්දියාව ගෘහස්ථව භාවිත කරන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) වලින් 60% ක් පමණ ආනයනය කරන අතර, එම සැපයුම්වලින් 90% ක් පමණ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ගල්ෆ් නිෂ්පාදකයින්ගෙන් ලබා ගනියි. එම ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කෙරේ.
ඉන්දියානු නිවාස මිලියන 330 කට වැඩි ප්‍රමාණයක් ආහාර පිසීම සඳහා LPG සිලින්ඩර භාවිත කරයි.