කේතුමතී කාන්තා රෝහලේ නේවාසිකාගාරයේ තිබී අස්ථානගතවූ වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ජංගම දුරකථනය රුපියල් හයදහසකට අලෙවි කර තිබියදී සොයාගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.
මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ මෘදුකාංගයක් භාවිතා කරමින් පරීක්ෂා කිරීමේදී දුරකථනය පානදුර නගරය ආසන්නයේ තිබෙන බවට හදුනාගෙන එය සන්තකයේ තබාගෙන සිටී කාන්තාවකගෙන් ප්‍රශ්න කර දුරකථනය පොලිස් භාරයට ගෙන තිබේ.
ඇයගෙන් ලබාගත් ප්‍රකාශ අනුව ප්‍රදේශයේ මත්කුඩු වලට ඇබ්බැහිවු පුද්ගලයකුගෙන් රුපියල් 6000 ක මුදලට ලබාගත් බවට දැනගන්නට ලැබී ඇතැයිද පොලිසිය කීය.
සැකකරු හදුනාගෙන ඇති බවත් තදින් මත්කුඩු පානයට ඇබ්බැහිව ඇති ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් නිළධාරීයෙක් කීය.
පැමිණිලිකාර වෛද්‍යවරිය සිය සේවාමුරය නිමව විවේකාගාරයේ නිදා සිටීයදී එයට ඇතුළුවූ සැකකරු සොරාගෙන ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය