දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් ධාවනය වන දුම්රියන්වල අධික මගී තදබදයක් පවතී.
අද පෙරවරුවේදී හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියකින් වැටී තරුණයෙක් මිය ගිය අතර අද පස්වරුවේ කොළඹ කොටුව සිටි රඹුක්කන බලා ධාවනය වන දුම්රියෙන් තවත් පුද්ගලයෙක් වැටී තිබේ.
බුළුගහගොඩ දුම්රිය ස්ථානය අසළදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුව ගිලන් රථයක් ආධාරයෙන් රෝහල් ගත් කර තිබේ.