"පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් ෆෝ නාලිකාවෙන් හෙලිදරව් කල කරුණු පිලිබදව ස්වාධීන පුළුල් පරික්ෂණයක් කල යුතුමයි. මෙම සිද්ධියේ සැකයට තුඩුදෙන තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සැකයට තුඩුදෙන තැන් අවස්ථා කිහිපයකදි අප කියලා තියෙනවා. හැබැයි පරික්ෂණයක් ක්‍රියාත්මක වන්නේ නැහැ දැන් අපට අපේක්ෂා කරන්න පුලුවන් ද පරික්ෂණයක් සිදුවෙයි කියලා.
මා කියනවා මේ අපරාධයට කණ්ඩායම් දෙකක් ඉන්නවා එකක් අපරාධය සැලසුම් කල අය දෙක එය වලක්වා ගැනිමට නොහැකි වු අය අද ඒ දෙගොල්ලම ඉන්නේ ආණ්ඩුවේ එහෙනම් මේ රටේ බලය සදහා නැවත මේ ජාතිවාදය ඇවිස්සීම පිළිබඳව මේ රටට කරපු ප්‍රතිවිපාකවලට දඩුවම් විදිය යුතුමයි අන්න ඒක සිද්ධ වෙන්නේ ජාතික ජනබලවේගයේ අණ්ඩුවකින් විතරක්" යැයි ජාතික ජන බල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය ි.
හෙතෙම තා මේ අදහස් පලකලේ ඊයේ (10දා) දින බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවැති අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
දැන් කට්ටිය අහනවානේ ඒ ගොල්ලන්ගෙ බලය වෙනුවෙන් මරාගෙන මැරෙන කට්ටිය එයිද නැහැ ඔය ගොල්ල දැක්කානම් අර පිල්ලෙයාන්ගේ සම්බන්ධිකරණ ලේකම් වරයා කියනවා එක තැනකදි පිල්ලේයාන් කිව්වාලු ඒ ගොල්ල කිසිවක් අපේක්ෂා නොකොට තමන් අදහන ධර්මයක් වෙනුවෙන් මැරෙන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් ඒ කණ්ඩායම අපි මේ ගොල්ල හැදුවා කියන්න ඕනි නැ ඒක අප්‍රබංශ යක් නේ හැබැයි මොකද කරේ අන්න ඒ අන්තවාදි කණ්ඩායම් උපයෝගි කර ගත්තා නැවත මේ ගැටුම නිර්මාණය කරන්න.
එදත් අපි කිව්වා මේකේ බරපතල සැකයක් තියෙනවා කියලා දැන් අපි කියපු ඒවා මොකද වෙලා තියෙන්නේ ජාථ්යන්තර ර වශයෙන් තහවුරු වෙමින් තියෙනවා දැන් පහුගිය දා චැනල් ෆෝ නාලිකාවෙන් සමහර සාධක ඉදිරිපත් කලා එක සාධකයක් පිල්ලේයාන් ගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙක් විසින් ඉදිරිපත් කරන කරුණු මත තමයි ඒකේ ගොඩක් දේවල් ගොඩ නැගිලා තියෙන්නේ.
එතකොට දැන් ඒක එලියට අවාට පස්සේ ඒ ගොල්ලන්ගෙ ප්‍රතිචාරය මොකක්ද රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා නාමල් රාජපක්ෂ ඔහු කියනවා චැනල් ෆෝ නාලිකාව අපිත් එක්ක පරම්පරා ගත වෛරයක ඉන්නවා ඒක තමයි මේ. ඒ කියන්නේ ඉඩම් නඩුවක් තියෙනවාද ඒ ගොල්ලන්ගෙ එහෙනම් මම අහන්නද පැන්ඩොරා පේපර්ස් එලියට ආවා පැන්ඩොරා පේපර්ස් වලින් එලියට දැම්මේ ඝවේශන ශිලි මාධ්‍යවේදින්ගේ ජාත්‍යන්තර සාමුහිකය පැන්ඩොරා පේපර්ස් එලියටට දැම්මාම දලා කිව්වා නිරුපමා රාජපක්ෂ ට සල්ලි තියෙනවා කියලා.
එතකොට ගවේශණය ශිලි මාධ්‍යවේදීන් ගේ ජාත්‍යන්තර ව්‍යාපාරය රාජපක්ෂලා එක්ක පාරම්පරික වෛරයකින් ඉන්නවාද ඊ ලගට ඇමරිකන් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ සම්පුර්ණ පිටුවක ප්‍රවෘත්තියක් දැම්මා මහින්ද රාජපක්ෂ චීන සමාගම් වලින් පගා අරන් තියෙන බව ඩොලර් මිලියන 7.6 ක් චෙක්පත් අංකත් එක්ක දැම්මා එතකොට නිව්යෝර්ක් ටයිම්ස් රාජපක්ෂ ලා එක්ක පාරම්පරික තරහකින් ඉන්නවාද ඉඩම් නඩුද ඒ ගොල්ල එක්ක මැතකදි ඕස්ට්‍රේලියාවේ ඒ.බි.සි මිඩියා නෙට්වර්ක් එකේ වාර්තාවක් එලියට දැම්මා ඒ වාර්තාවේ දි කිව්වා හම්බන්තොට රෝහල ඉදි කිරිමේදි ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ඇස්පාන් කියන මෙඩිකල් සමාගම අන්න ඒ සමාගම පගා දුන්නා කියලා පගා දීපු අයට එහේ නඩු ගත්තු අය මෙහේ පාර්ලිමේන්තුවේ .
දැන් අපි අහනවා ඕස්ට්‍රේලියා ඒබිසි මිඩියා නෙට්වර්ක් එකට රාජපක්ෂලා එක්ක පාරම්පරික තරහක් තියෙනවාද මහින්ද රාජපක්ෂ ලේ මස්සිනා කෙනෙක් තමයි ඇමරිකන් එක්සත් ජනපද තනාපති හැටියට හිටියේ ජාලිය වික්‍රමසුරිය එයාට වොෂින්ටන් අධිකරණය තානාපති කාර්යාලය මිලදි ගැනිමේදි මුදල් විශුද්ධිකරණයක් කරා කියලා නඩු දැම්මා අධිකරණයේදි වරද පිලි ගත්තා අවුරුදු දෙකකට ඇග බැදලා ඩොලර් ලක්ෂ පහක දඩයක් ගැහුවා දැන් එතකොට ඇමරිකන් වොෂින්ටන් අධිකරණය ඒ ගොල්ල එක්ක පාරම්පරික තරහා තියෙනවාද?"
පාලිත ආරියවංශ