චැනල් ෆෝ වීඩියෝවට මෛත්‍රී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි
චැනල් ෆෝ නාළිකාව විසින් පැහැදිලි කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් මගින් දැනුම්දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂ් මූලස්ථානයේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
"අවුරුදු හතරක් මාවනේ කෑවේ. මාව තමයි ඉවර කෙරුවේ චැනල් ෆෝ එකෙන් පැහැදිලි වෙනවා මොකක්ද වුණේ කියලා. ලංකාවේ කවුරුවත් පරීක්ෂා කරලා නිවැරදි සත්‍ය තොරතුරු එන්නේ නැහැ සහරාගේ ෆෝන් එකේ මදර් බොඩ් එකත් අරන් ගියා යු.එස්. එකේ බුද්ධි අංශය එක නිසා මේ පිළිබඳ ජත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි. මේක යට ගහන්නේ නැතුව.
එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියලා තියෙනවා චැනල් ෆෝ එක ගැන පරීක්ෂණයක් අවශ්‍යයි කියලා. ඒ නිසා මම තව දවස් තුන හතරකින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයාට ලිපියක් බාර දෙනවා අදාළ පරීක්ෂණය සිදුකරන්න කියලා" යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

