ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත නිලධාරීන් අතුරින් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 11,205ක් බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 'ශ්‍රී ලංකා පොලීසිය වඩාත් කාර්යක්ෂම, මිත්‍රශීලී, ප්රශස්ත, ජනතා හිතවාදී, විවෘත හා වගකිව යුතු රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා වූ නිර්දේශ' ඇතුළත් වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ප්‍රභූ ආරක්ෂාවේ නිරත පොලිස් නිලධාරීන්ගේ වගකීම හා කාර්ය භාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව විසින් කඩිනම් පුහුණු වැඩසටහනක් සම්පාදනය කළ යුතු බවට කාරක සභා වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
මෙලෙස වාර්තා වූ තොරතුරු අනුව ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් පොලිස් නිලධාරීන් 5,380ක්ද, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය මඟින් පොලිස් නිලධාරීන් 4,484ක්ද, විශේෂ කාර්ය බලකා නිලධාරීන් 1,341ක්ද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇත.