නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 04/08 දින අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතරින් එක් අයෙකු 58 හැවිරිදි ජා - ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා 50 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මොවුන් දෙදෙනා ගුවන් මගින් මෝටර් රථ අමතර කොටස් මෙරටට ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්නන් වන අතර මෙම උත්සව සමග එළඹීමත් සමග මොවුන් තම ගමන් මලු තුළ බහා විස්කි බෝතල් 56 ක් සහ ලැප්ටොප් පරිගණක 12 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණි .
මොවුන් දෙදෙනා 04/08 දින අලුයම 12.00 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් භාණ්ඩ තොගය සහ ඒවා මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .