saravita-anim2

2025 ජුලි මස 22 වන අඟහරුවාදා

2025 ජුලි මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 3836 hours ago

LATEST

රැස්වෙහෙර රාජ මහා විහාරය පූජා භූමියක් කරයි

calendar_today 2023 පෙබ 24 - 17:13 remove_red_eye - 553  

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටු වැව, පෝතානේගම පිහිටා ඇති අඩි 40 පමණ උස් වූ දැකුම්කළු ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටින රැස් වෙහෙර පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට පියවර ගෙන තිබේ.

මධ්‍යම, බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන 24 දින බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 08 දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත් ඩී සිල්වා මහතා නියෝග කළාය,

Read More

දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.

Read More

ලොව පුරා සිදුවන භූ කම්පන සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇත්තේ මිනිසා විසින් ස්වභාවධර්මයේ පැවැත්මට එල්ල කර තිබෙන තර්ජන හේතුවෙන් පරිසරය තුළ අසමතුලිතාවක් නිර්මාණයවීම හේතුවෙන් බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ භූ භූගර්භ විද්‍යා අධ්‍යයන අංශයයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝකයෙන්ම 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.

Read More

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත .

Read More

ජනාධිපතිවරයා නන්දොඩවන බවත්,මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත්, මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

උසස්පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති අතර සඳුදා වන විට එහි චක්‍රලේඛනය නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

Read More

මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරු ව කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදානය 70% දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

දේශීය වෙළෙඳපොල තුළ බිත්තර මිල ඉහළ යෑමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්‍ෂ 20 ක් රැගත් නෞකාව ලබන සෙනසුරාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතය. එම බිත්තර තොගය මේ වන විට නැව්ගත කර ඇති අතර නෞකාව අද දිනයේ ඉන්දියාවෙන් පිටත් වීමට නියමිතය.

Read More

ජපානයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන සමාගම් ද්විතයක් වනටොයෝටා සහ හොන්ඩා සමාගම් දශක කිහිපයකට පසුව තම සේවකයන් වෙනුවෙන් විශාලතම වැටුප් වර්ධකය ලබාදීම වෙනුවෙන් සූදානම් බව ජාත්‍යන්තර මාධය තොරතුරු වාර්තා කරයි.

Read More

මට ප්‍රශ්නයක් නෑ. මාව පැන්නුවා නම් මම යනවා. රට දැන ගන්න අපි සද්භාවයෙන් මේ වැඩේ කළේ. අපිට මේකෙන් සල්ලි හම්බෙන්නවත්, ඔෆිස් හම්බවෙන්නෙවත් නෑ. මේක රටටහොඳ නම් හොඳයි. මට පුද්ගලිකව කිසිම ප්‍රශ්නයක් නෑ. කැබිිනට් ඇමතිකම් දෙන්නම් කිව්වට ගන්න ගියේ නෑ. ආණ්ඩුවට මේක නම් ඕන, ආණ්ඩුවට අපේ යම්කිසි හෝ රට බේර ගන්න වැඩේට අපේ දායකත්වය එපා නම් කෙලින්ම ඇවිත් කියන්න. මේ වැඩේ කළේ කිසි දෙයක් බලාගෙන නෙමයි.

Read More

යුක්රේනය වෙත සිදුවූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සංචාරයෙන් දින කිහිපයකට පසුව මෙසේ ස්පාඤ්ඤ අගමැතිවරයාගේ හදිසි සංචාරය සිදුවීමද විශේෂත්වයකි.

Read More

2023 ජනවාරි මාසයේ නවතම ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණවේ (SLOTS) ඡන්ද මතය විමසීමට අදාළව මහ මැතිවරණයකදී ජා.ජ.බ/ජ.වි.පෙ සහ ස.ජ.බ සඳහා ඡන්දදායකන් තම මනාපය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාවය පිළිවෙළින් 32% සහ 31% බැගින් වෙන බව සෞඛය ප්‍රතිපත්ති ආයතනය පවසයි.

Read More

බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ මෙම කණ්ඩායම් දෙකේම යොවුන් ක්‍රීඩකයින් දෙපළක් පිළිබඳව වැඩි අවධානයක් ක්‍රිකට් පිටියේ යොමුවී ඇත.

Read More

උඩරඩ මැණිකේ දුම්රියේ ගමන්ගත් විදේශ කාන්තාවකට 21 දින සවස සෙරෙප්පු වකින් පහරදුන් බව කියන පුද්ගලයෙක් අද (23) දින උදෑසන අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කල රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

Read More

පොල් වගාව ප්‍රමුඛ ඒ ආශ්‍රිත වගාවන්ට ඇතිවී තිබෙන සුදු මැස්සා උවදුර මර්ධනය සදහා කඩිනම් ප්‍රතිඵල ලගා කර ගැනීමේ අරමුණෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් පෙබරවාරි 22 වෙනිදා සිට 28 දක්වා සතියක විශේෂ වැඩසටහන් කාලයක් ප්‍රකාශයට පත්කෙරිණි.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හා තමන් අතර කඹ ඇදීමක් හෝ තරගයක් නැති බව කණ්ඩායමේ නව පුහුණූකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහ පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව)සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.

Read More

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවිගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උන්ඩ එකසිය විස්සක් සහිත මැගසින් හතර අගුරුවාතොටකෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (23දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ.

Read More

නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් නාවික හමුදා මැරීන් බළඝණය විසින් සිදුකරනු ලබන වෙරළ හා කලපු ආශ්‍රිත ආරක්‍ෂක මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සහ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව සිදුකරනු ලබන නීති විරෝධී කටයුතු මැඩපැවත්වීමේ මෙහෙයුම් ඇතුළු මෙහෙයුම් කටයුතු වෙනුවෙන් මෙම රථ ඉදිරියේදී කාර්යක්‍ෂම හා ඵලදායි ලෙස යෙදවීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

Read More

විපක්ෂය මොකක්ද කියන්නේ. වියදම වැඩි කරන ක්‍ර මේ කියන්නෙත් නෑ. ආදායම වැඩි කරන ක්‍ර මේ කියන්නෙත් නෑ. දියව්, දියව්, දියව්. කොහොමද යකෝ දෙන්නේ. දෙන්න තියෙනවනම් දෙනවා. දෙන්න පුළුවන් නම් ක්‍ර මේ කියන්න. විකල්පය කියන්න

Read More

මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් තමන් ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කරයි.

Read More

2022/23 මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම්වලට බැර කිරීමේ දී ඇතැම් නිලධාරින් විසින් හිතාමතා වැරදි ගොවි ගිණුම් අංක ලබා දී ඇති බව ‌ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඡන්දයක් නොමැති බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය හා ආණ්ඩුනේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සභා ගැබ මැදට පැමිණ විරෝධය දැක්වීමට කටයුතු කළේය. ඒත් සමගම ජනපතිවරයා සභා ගැබෙන් ඉවත්ව ගියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.