ඊශ්‍රායෙල් හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් මහතාගේ දේහය ලංකාවට
ඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය.
මෙම දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් , එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්..- 579 දරන ගුවන් යානයෙන් 11/09 දින උදෑසන 08.37 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන පැමිණ තිබුණි .
මෙම දේහය භාර ගැනීම සදහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති , 13 හැවිරිදි දුව , 09 හැවිරිදි පුතා හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ .
සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා වෙන්නප්පුව , තුලාවෙල , මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව , ජයනි මධුවන්ති මහත්මිය පැවසුවාය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

