ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කල විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාට එම තනතුරින් ඉවත් වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් ඊයේ දින දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව අද දින (08) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරින් වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඉවත් වී නැවත සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෙත අද දින සේවයට වාර්තා කර ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.