නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයෙකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
ඒ අතර තරුණ අඹුසැමි යුවළක් ද වන බවත්, සෙසු සැකකරුවන්ද තරුණයන් බවත් පොලිසිය සඳහන් කරයි
අන්තර්ජාලයේ ඇෆ් එකක් භාවිතා සමලිංගික ඇසුරු සඳහා මුදලට සේවය ලබාදෙන බව පවසා කඩවසම් තරුණයන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව මේජර් වරයා කෙටි පණිවිඩ හරහා අදහස් හුවමාරු කරගෙන මොරටුව ප්‍රදේශයේ අදාළ නිවස සොයා ගොස් තරුණයකු සමග සමීප ඇසුරක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති සෙසු තරුණයන් පිරිස මේජර්වරයාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර වීඩියෝ කර තිබූ අතර සෙසු තරුණයන් එය අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඔහු ගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි
අනතුරුව එම සැකකාර තරුණයන් පිරිස මේජර්වරයා ඒ ටී එම් කාඩ් පත රැගෙන මුරපදය විමසා එක් අයකු කාඩ් පත රැගෙන ගොස් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන පැමිණ කාඩ් පත තමන් වෙත ලබා දී එම පිරිස එම නිවසින් පිටවී ගිය බව මේජර්වරයා පැමිණිලි කර තිබූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆැන්සිස් මහතා ඇතුළු කණ්ඩායමක් අදාළ නිවස වටලා එහි සිටි තරුණ යුවළ අත්අඩංගුවට ගෙන සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ සෙසු තරුණයන් අත්අඩංගුවට ගනු ලැබූ බව එම නිලධාරියා කීය
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ ආකාරයෙන් තවත් පුද්ගලයන් රැසක් උපක්රමශීලීව එම නිවසට ගෙන්වා සමීප ඇසුරක් පවත්වා කප්පම් මුදල් ලබාගෙන තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16 සහ 22 අතර පසුවන සැකකරුවන් සහ සැකකාරිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී තරිඳු අනුරංග මහත්වරුන්ගේ උපදෙස් මත මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.